SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි මාවත පිළිබඳව හිටපු ජනාධිපතිවරුන් වන

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

 

 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ෂෙහාන් සේමසිංහ, නිමල් ලාන්සා, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ සාගල රත්නායක යන අය එසේ  හමුවී ඇති සෙසු පිරිසයි.


මෙය එසේ හමුවූ දෙවන රැස්වීම බවත්, වත්මන් රජය විසින් හිටපු මන්ත්‍රීවරුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව නායකයින් සාකච්ඡා කළ බවත්, එසේ නොමැති නම්, කිසිදු දේශපාලන සන්ධානයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු නොවූ බවත් සහභාගී වූ දේශපාලන නායකයෙක් පවසා ඇත.


“ මේ  එහි  දෙවන රැස්වීමයි. පළමුවැන්න ජනවාරි 30 වන දින පැවැත්වුණා. මෛත්‍රීපා සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පසුව ඔවුන් අතර මතභේදයක් ඇති උනත්  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙස යහපාලන රජයට නායකත්වය දුන්නා.”.

නවතම ලිපි