SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජූලි චන්ග් හමුවෙයි:

ශ්‍රී ලංකාවට USAID අරමුදල් සැපයීම පිළිබඳව සාකච්ඡා කරයි

 

එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ සම්පත් වෙන් කිරීමේදී විනිවිදභාවය සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන විසින් USAID අරමුදල් භාවිතා කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කිරීම සඳහා වන පොදුජන පෙරමුණේ යෝජනාව පිළිබඳව එම පක්ෂය (SLPP) ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් වෙත කරුණු පැහැදිලි කළේය.

 

ඒ පසුගියදා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී තානාපතිනී ජූලි චන්ග් සහ නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හමුවීමේදී ය.

 

" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පිළිගැනීම සතුටක්. අපි අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සාකච්ඡාවල නිරත වූ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපවීම නැවත තහවුරු කළෙමු. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ලද මැදිහත් නොවීමේ විදේශ ප්‍රතිපත්තිය සහ බදු ගෙවන්නන්ගේ අරමුදල් භාවිතයේ දී වැඩි විනිවිදභාවයක් සඳහා ඔහුගේ ඉල්ලීම අපි අගය කරමු,"

 

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X හි සටහනක් තබමින් පවසා ඇත.

 

දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා නව ඇමරිකානු පරිපාලනය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බවත්  ඔහු වැඩිදුරටත් පවසයි.

 

 

මේ අතර බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීන් අතර නැවත වරක් පොදුජන පෙරමුණ සහ රාජපක්ෂවාදය යළි හිස ඔසවමින් තිබෙන බවත් පසුගිය කාලය තුළ පක්ෂය හැර ගිය නායකයින්, හිටපු මැති ඇමතිවරුන්, ප්‍රාදේශීය සංවිධානයන්හි සංවිධායකයින්, ඇතුළු රැල්ලත් සමග ඉවත්ව ගිය බොහෝ පිරිස් යළිත් එක්වෙමින් සිටින බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

 

පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය හා එක්ව සිටි කිහිප දෙනෙක්ම  බදාදා දින නාමල් රාජපක්ෂ හමුවට පැමිණ තිබූනි. ඔවුන් අතර දේශපාලනයෙන් සමුගන්නා බව කියා සජිත් ප්‍රේමදාස වෙතින් ඉවත්ව ගිය වැලිගම හිටපු නගරාධිපතිවරයෙක් වූ රෙහාන් ජයවික්‍රම මෙන්ම නිරෝෂන් ප්‍රේමරත්න ද සිට ඇත.

 

මේ ආකාරයෙන් සෑම දිනයකදීම මෙවැනි ආකාරයේ හමුවීම් සිදුවන බවත් බිම් මට්ටමේ පොදුජන පෙරමුණ සතු දේශපාලන සංවිධානය මෙවර සමූපාකාර ඡන්දයත් සමග නැවත ගොඩනැගීම ආරම්භ කර ඇති බවත් පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

මේ අතර තවත් තවත් පිරිසක් පවසන්නේ රාජපක්ෂවාදය යළි හිස ඔසවන්නේ නම් ඉදිරියේදී රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති බොහෝ චෝදනා සම්බන්ධ නඩුවලට මුහුණ දීමට  නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ට සිදුවීම නොවැලැක්විය හැකි වනු බවය.

 

නවතම ලිපි