SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා, මල්වතු අස්ගිරි

මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ශ්‍රී ලංකාවට සහාය දක්වමින් ඉන්දියාව මඟින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

 

 

මෙරට ආගමික ස්ථානවලට ඉන්දියානු රජය මඟින් සෝලා විදුලි පද්ධති නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස්වරයා උන්වහන්සේලා දැනුම්වත් කර ඇත.

 

මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ඉන්දියාව නිරන්තරව ශ්‍රී ලංකාවට අවශ්‍යය සහාය දෙන බවත් බෞද්ධාගමික වශයෙන් පවතින බැඳීම හා සමානව දෙරට අතර දේශපාලනමය සම්බන්ධතාවක් ද පවතින බවත් සන්තෝෂ් ජා කීය.

 

වත්මන් ජනපතිවරයා බලයට පත්වීමෙන් පසු ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ගිය බවත් දෙරටේ පවතින සම්බන්ධතා ඉදිරියේ දී තවත් වර්ධනය වනු ඇති බවත් ඔහු පැවසුවේය.

 

 

@අසේල කුරුළුවංශ

 

නවතම ලිපි