ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් ක්‍රියාත්මකව පැවති පරිපාලන ව්‍යුහයේ ඇතැම් තනතුරු,
පත්කිරීම් හා විමර්ශන ඒකක සංශෝධනය කරමින් පොලිස් ආඥා පනතේ ඇති නෛතික ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකා පොලිසිය මඟින් නව පරිපාලන ව්‍යුහය බලාත්මක කිරීම අරමා ඇතැයි වාර්තා වේ.
පොලිසිය මඟින් විර්මශනය කරන සියළුම අපරාධ ඇතුළු අනෙකුත් සියළුම විර්මශන සඳහා ගැනෙන සිද්ධීන් වලට අදාලව විර්මශන කටයුතු ඉතා කෙටි කාලයක් තුල අවසන් කර ගරු අධිකරණය වෙත යොමු කර නඩු පැවරීමේ කටයුතු ඉතා කඩිනමින් කාර්යක්ෂමව සිදු කිරීම මෙම පරිපාලන ව්‍යුහය සංශෝධනය කිරීමේ ප්‍රධාන අරමුණ බව පැවසේ.
ඒ අනුව පහත සඳහන් නව තනතුරු හා පත්කිරීම් සිදු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නව ස්ථාපිත කරන ලද මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාරව කටයුතු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත් කර ඇත.