වටවල පයිනස් වන රක්ෂිතයේ ඊයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා
කටයුතු කරමින් සිටින බව හැටන් වන සංරක්ෂණ නිලධාරීනී පවසති.
හැටන් ඔය අසල, වටවල දුම්රිය ස්ථානයට සහ මවුන්ටන් වතුයායට යන මාර්ගයට ආසන්නව පිහිටි රක්ෂිතයට කිසියම් පිරිසක් පසුගියදා ගිනි තබා තිබුණි.
වියළි කාලගුණය හේතුවෙන් ගින්න කඳු මුදුන් දක්වා වේගයෙන් පැතිර ගොස් අක්කර 10 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පවතින වියළි කාලගුණික තත්ත්වය හිතාමතාම වනාන්තර ගිනි තැබීම්වලට හේතු වී ඇති බවට හැටන් වන සංරක්ෂණ කාර්යාලය පවසයි.
වගකිව යුතු අය පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ වන සංරක්ෂණ කාර්යාලයට වාර්තා කරන ලෙස අදාළ බලධාරීන් ඉල්ලා සිටී.