ඔස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයත් කඩුලු 9ක පරාජයක්
වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (09) සිදුවුණි.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 257ක් ලබා ගත්තේය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු දිනේෂ් චන්දිමාල් වන අතර ඔහු රැසක්ළ ලකුණු සංඛ්‍යාව 74කි.
ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 414ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ඇලෙක්ස් කේරී ලකුණු 156ක් සහ නායක ස්ටීව් ස්මිත් ලකුණු 131ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 151කට කඩුලු 5ක් දවාගත්තේය.
ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පිටු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 231ක් පමණි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 76ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී මැතිව් කුනමන් සහ නේතන් ලයන් අතරේ කඩුලු 4 බැගින් බෙදි ගියේය.
ලකුණු 75ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පසු කර ගියේය.
ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.