කැරිබියන් මුහුදේ රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී ඇති අතර
රටවල් ගණනාවකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි.
මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස් සිට සැතපුම් 20ක් (කිලෝමීටර් 32.1ක්) උතුරින් සහ කේමන් දූපත් වලට සැතපුම් 130ක් (කිලෝමීටර් 209.2ක්) නිරිත දෙසින් පිහිටා ඇති බව නිලධාරීහු පවසති.
කෙසේ වුවත් අනතුරු ඇඟවීම් නිකුත් කර මිනිත්තු 45 කට පමණ පසු මෙම අනතුරු ඇඟවීම අවලංගු කර ඇත.
"අනතුරු ඇඟවීම් අවසන් වී ඇතත්, ශක්තිමත් සහ අසාමාන්‍ය රැල්ල දිගටම පැවතිය හැකිය. ජලය අසල ප්‍රවේශම් වන්න," යැයි ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.