නීතිපති සම්බන්ධ ජනපතිගේ තීන්දුව ගැන රටම බලා සිටිද්දී ඊයේ පැවති සාකච්ඡාව පිළිබඳ
අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාරගෙන් ජනමාධ්‍ය ප්‍රශ්න කළ විට එම සාකච්ඡාවේදී දැනගත යුතු තරම් දෙයක් නොවූ බව ඇමැතිවරයා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක හා නීතිපති පාරින්ද රණසිංහ අතර ඊයේ පැවති හමුව ඊයේ පස්වරු 4.00 ට පමණ අවසන් ව තිබිණි.
ඒ අනුව අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කර සඳහන් කරන්නේ, මාධ්‍යයට දැන ගැනීමට තරම් දෙයක් එහිදී සාකච්ඡා නොවූ බව ය.
අවශ්‍ය වුවහොත් කැබිනට් ප්‍රකාශකවරයා විසින් ඒ පිළිබඳව දැනුම්දෙනු ඇති බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අධිකරණ අමාත්‍යවරයාගේ මෙම පිළිබතුර සම්බන්ධයෙන් ගමනාගමන කොමිෂන් සභාවේ වත්මන් සභාපති ආචාර්ය දිලීප විතාරණ තම මුහුණු පොතේ පෝස්ටුවක් හරහා දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබිණි.
“ Harshana Nanayakkara පහුගිය දේශපාලන යුගයෙ වගේ උත්තර දෙන්න එපා. පැය 3ක් තිස්සෙ ජනතාවට කියන්න තරම් දෙයක් නීතිපති එක්ක කතා කලේ නෑ, අවුරුදු 2 කින් පස්සෙ බලන්න වගේ පරණ කාලෙ උද්ධච්ඡ ටයිප් උත්තර දෙන්න එපා.
NPP බලයට ගෙනාවෙ අතිශයින් දේශපාලනික අරගලයක් කරපු ජනතාවක්. එයාලට වුනේ මොකක්ද, වෙන්නෙ මොකක්ද කියල දැන ගන්න අවශ්‍යයි. ලසන්ත ඝාතනය වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම ජනතාවගේ උවමනාවක්. මම ඊයෙ දවසෙම ට්‍රයි කලා උනේ මොකක්ද කියල දැන ගන්න. ලසන්ත ඝාතකයො ගැලවුනාද කියල දැනගන්න. නීතිපති ආණ්ඩුවට වඩා උඩින් ඉන්න එකට මොකද කරන්නෙ කියල දැන ගන්න. උපුල්ටත් කතා කලා. FB දිගටම බැලුව. නීතිපති දෙපාර්ථමේන්තුවෙ කන්ටැක්ට් එකක් හොයා ගන්න ට්‍රයි කලා. තරිඳු ජයවර්ධනගෙ පැහැදිලි කිරීමත් බැලුව. ඇයි අපි එච්චර මහන්සි වෙන්න ඕනෙ.
ඊයෙ හවස මගේ බැචෙක් වන යුනිවර්සිටි කාලෙ ඉඳන් ජේවීපීකාරයෙක් වන නුවර NPP Engineers ලගෙ group එකේ සාමාජිකයෙක් වන හැරල්ඩ් දැඩි කලකිරීමෙන් දාපු comment එකක් ලසන්ත ඝාතනය යට ගැසීමේ කේස් එක නිසා ඇතිව තිබෙන මහජන කලකිරීමට හොඳම උදාහරණයක්. එයා කිව්වෙ "දැන් යනවිදියට ආණ්ඩුවට විරුද්ධව වැඩ කරල රටටයි ආණ්ඩුවටයි දෙකටම කෙලවීමේ කාලකන්නි සතුට ලබනවා ඇරෙන්න වෙන දෙයක් ඉතුරු වෙන්නෙ නැති පාටයි කියල". හැරල්ඩ්ගෙ මේ කතාව හොඳ signal එකක් නෙවෙයි”. (Dileepa Vithirana fb page)
කෙසේ වුවද ජාතික ජන බලවේගය බලයට පත්කළ ජනතාව බලාපොරොත්තු වූයේ මෙවැනි තීන්දුවක් දුන් නීතිපතිවරයාව ඉවත්කිරීමක් හෝ අදාළ තීන්දුව පිළිබඳව රජය නැවත මැදිහත්වී වෙනත් විමර්ශන කමිටුවක් හරහා මේ පිළිබඳ සොයා බැලීමක් හෝ කරාවි යන්න බව පැහැදිලිය.
බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව වූයේ මැතිවරණ වේදිකාවන්හිදී කියූ ආකාරයට මෙවැනි තීරණ එක පෑන් පහරින් ගනු ඇති බවය.