ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හා හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ අතර හමුවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ (ජන. 5) පෙරවරුවේ කොළඹ විජේරාම නිල නිවසේදී ය.
එහිදී දෙරට අතර පවතින ද්වීපාර්ශවික සම්බන්ධතා පිළිබඳත් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ද සාකච්ජා කළ බව පැවසේ.
එමෙන් ම, අසල්වැසි රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින අවබෝධාත්මක අන්‍යොන්‍ය සම්බන්ධතාව මෙන් ම දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ආගමික, සංස්කෘතික හා සමාජයීය බැඳීම් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ගෞරවයෙන් සිහිපත් කර ඇත.
හදිසි හමුවේ දී සිදුකළ දේශපාලනික කතාබහ කුමක්ද යන්න පිළිබඳව මේ වනතෙක් කිසිවක් වාර්තා කෙරී නැති අතර මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ද සම්බන්ධ ව තිබේ.
Pleasure to meet Indian High Commissioner to Sri Lanka, Santosh Jha today. We had a productive discussion on the strong ???? ties, including key connectivity projects and recent developments in Sri Lanka. Looking forward to continued cooperation between our nations. pic.twitter.com/l6HHtfewSy
— Mahinda Rajapaksa (@PresRajapaksa) February 5, 2025