SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමෙරිකාවේ ජනාධිපති ධුරයට සමුදීමෙන් සති දෙකකට පසු ජෝ බයිඩ්න්

සිය සමාජ සේවා කටයුතු යළි ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

 

ඒ සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ක්‍රියේටිව් ආටිස්ට්ස් ඒජන්සිය සමඟ ඔහු ගිවිසුම් අත්සන් කර ඇත.

 

මීට පෙර ජෝ බයිඩ්න් 2017 සිට 2020 දක්වා එම ඒජන්සිය සමඟ කටයුතු කර තිබූ අතර, එම කාලය අතරතුර ඔහු විසින් රචිත කෘතීන් කිහිපයක්ම එම ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි.

 

සමාජ සේවා කටයුතු සහ දක්ෂතා හඳුනා ගැනීමේ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන එම ඒජන්සියේ ගිවිසුම්ගතව සිටින ප්‍රකට පුද්ගලයන් අතර හිටපු ජනාධිපතිවරයකු වන බැරක් ඔබාමා සහ බිරිය මිෂේල් ඔබාමා සහ සෙනෙට් සභිකයන් රැසක්ම සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මීට අමතරව චිත්‍රපට සහ විනෝදාස්වාදය, ක්‍රීඩා සහ සංගීතය වැනි ක්ෂේත්‍රවල මනා පෞරුෂයක් සහිත ලෝක ප්‍රකට පුද්ගලයන් රැසක් එම ආයතනයේ සේවාදායකයන් ලෙස කටයුතු කරන බව ද වාර්තා වේ.

 

නවතම ලිපි