අල් ජසීරා මාධ්‍ය ජාලය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර මාධ්‍ය හමුවකට
සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත.
ජනාධිපතිවරයා ලෙස තමා අනුගමනය කළ දැඩි ආර්ථික සැලැස්ම ශ්‍රී ලංකාව කඩා වැටීමෙන් ගලවා ගත්තේද? නැතහොත් ඉදිරියේදී ඇතිවිය හැකි විශාල දුක්ඛිත තත්වයන් සදහා පාර සකස් කළේද?
යන්න සම්බන්ධයෙන් සහ දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්දයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාරය සමයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලද අත්දැකීම් ආදී කරුණු පිළිබඳව එහිදී ඔහු විසින් අදහස් පළ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.