“සරුසාර” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය
වාර්ෂික වැඩ සටහනක් ලෙස මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමාත්‍ය මණ්ඩුලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කර ඇත.
කෙටි කාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස “සරුසාර” නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වාදී ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2020 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහනකි.
මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු නව පනතේ විධිවිධාන පරිදි එවැනි සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැති බැවින් මේ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.