SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අත්අඩංගුවට පත්වීමේ හා ඇප මත මුදාහැරීමේ නාටකය යළිත් ඇරඹී ඇත.

2015 යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුවද එවැනිම නාටකයක් සිදුවිය.

 

 

ඒ නාටකය වටා ගොඩනැගෙන්නේ අත්අඩංගුවට ගත් ආකාරය, අදාළ සැකකරු ඉන් අනතුරුව ගෙනියන ආකාරය, ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිචාරයන්, ඊට අදාළව සමාජ මාධ්‍යයේ බයියන් සහ ටොයියන්ගේ සංවාද, අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීම, අධිකරණයට සෑහීමකට පත්වීමට තරම් ප්‍රමාණවත්  සාක්ෂි නොමැති වීමෙන් ඇප පනත ප්‍රකාරව ඇප නියම වීම, අනතුරුව ඒ පිළිබඳව ඇතිවන සංවාදය, නැවතත් තවත් කාලයකට ඒවා යටපත් වී වෙනත් කරුණක් ජනගත වීම ආදි වූ එකම නාටකය වරින්වර රඟ දැක්වෙනු දැකිය හැකිය.

 

 

පසුගියදා පෞද්ගලික නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ මේ ආකාරයේ නඩු කිහිපයක්ම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි මේ වනවිට නොමැති බවයි.

 

 

ඒ අතර තාජුඩීන් ඝාතනය, උගන්ඩාවේ මුදල්, එක්නැලිගොඩ අතුරුදන් කරවීම, ඇතුළු දැනට නඩු පවරා අතරමග නැවතී ඇති බොහොමයක් මැතිවරණ වේදිකාවේ චෝදනා නැගූ කරුණු සම්බන්ධ ප්‍රමාණවත් සාක්ෂි දීර්ඝ කාලයක් ගතවීම මත විනාශව ඇතැයි ඔහු පවසයි.

 

පසුගියදා යළිත් අත්අඩංගුවට ගනු ලැබූයේ යෝෂිත රාජපක්ෂය. මේ පිළිබඳව සමාජ මාධයයේ සාකච්ඡාවට ලක්වූයේ  නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම වත්මන් රජයට ප්‍රහාර එල්ලකිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

 

කෙසේ හෝ වේවා යෝෂිත අත්අඩංගුවට ගැනීමත් ඇප ලබා අද යළි නිදහස් වීමත් පිළීබඳව බීබීසීය සඳහන් කරන්නේ මෙසේය.

 

යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට බලපෑ හේතුව මහේස්ත්‍රාත් කියයි.

 

යෝෂිත රාජපක්ෂ CID අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ දර්ශන

 

 

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

 

 

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මෙම නියෝගය නිකුත් කළේ, දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ය.

 

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරිණි.

 

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස නියෝග කළේ ය.

 

ඒ අනුව, සෑම මසක ම අවසන් ඉරු දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කළ යුතු බවට සැකකරුට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් නියෝග කළේ ය.

 

 

සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් සහ අධිකරණය සෑහීමකට පත්වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුව සැකකරු ඇප මත මුදා හරින බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම් දුන්නේ ය.

 

 

නවතම ලිපි