SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ආණ්ඩුවේ එක් එක් අමාත්‍යාංශය සඳහා උපදේශක සහ අධීක්ෂණ භූමිකාවන් ඉටු කිරීමට  

කමිටු පත් කිරීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

 

ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් එවැනි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පොරොන්දු විය.

 

ජාතික ජන බලවේගයේ  ප්‍රධාන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය වෙත කියාඇත්තේ  එවැනි කමිටු පත්කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

 

එම කමිටු විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥයන්ගෙන් ද  සමන්විත වන බවත් ඒවා  ස්වේච්ඡා ආයතන බවත් ඔහු පවසයි.

 

ඒවායෙහි සංයුතිය පිළිබඳව විමසූ විට ඔහු පවසන්නේ "මෙම කමිටුවලට මන්ත්‍රීවරුන් සහ ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැමති අය ද  ඇතුළත් වනු ඇති" බවයි.

 

මෙම කමිටුවල සාමාජික සංඛ්‍යාව අමාත්‍යාංශයේ පරිමාණය හා  තත්ත්වය අනුව දහයේ සිට 15 දක්වා වැඩිවිය හැකිය.

 

චීනය, වියට්නාමය වැනි කොමියුනිස්ට් පාලනයක් තිබෙන රටවල්  රටවල එවැනි යාන්ත්‍රණ ක්‍රියාත්මක වන බව  පසුගිය දා සාකච්ඡාවකදී  ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබුණි.

නවතම ලිපි