SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, වසීම් තජූඩින් ඝාතනයන් සිදුවී

දැන් බොහෝ කාලයක් ගතවන නිසා එම ඝාතන සම්බන්ධයෙක් පරීක්‍ෂණ දුෂ්කරතා මතුව ඇති බව පෞද්ගලික නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර දිසානායක පවසයි.

 

 

වසර දාසයකට පෙර සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී පරීක්ෂකයන්ට දුෂ්කරතා මතුවෙමින් ඇති බවද ඔහු කියා සිටියි.

 

මෙම සිදුවීම් වලට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙක් මියගොස් ඇති බවත් තාජුඩින් ඝාතනය පරීක්ෂණ කළ අධිකරණ වෛද්‍යවරයාද මියගොස් ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියයි.

 

කෙසේ වෙතත් මෙම තත්ත්වයන් නිසා මෙම පරීක්‍ෂණයට දුෂ්කරතා මතුව ඇති නමුත් යුක්තිය ඉටු කරන බවද ඔහු  කියා  සිටියි.

 

මේ අතර රනිල් වික්‍රමසිංහ ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදු කර ඇත.

 

 

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්, එමෙන්ම පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු වන බවත් අමාත්‍යවරයා පවසයි.

 

 

ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

 “ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අලුතින් කිසිදු මත්පැන් බලපත්‍රයක් දීලා නෑ. මේ ලබා දී තිබෙන බලපත්‍ර බොහොමයක් මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සඳහා, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසාන මාස ගණනාව තුළදී දුන්න බලපත්‍ර තමයි වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ.

 

අපි ඒවා මෙතන හැන්සාඩ් ගත කරලා තියෙනවා. බලපත්‍රයක් නීත්‍යනුකූලව ලබා දුන්නට පස්සේ ඒක නීතිමය ලියවිල්ලක්. ඒක අපි දේශපාලන වශයෙන් අකමැති වුණාට ඒක අහෝසි කිරීම නීතිමය කටයුත්තක්. ඒ නිසා ආණ්ඩුවකට ගිහින් ඒක බලහත්කාරයෙන් වහන්න බෑ.

 

ඒත් ඒ වෙනුවෙන් කළ හැකි පරිපාලනමය පියවර තිබෙනවා. අපි රටක් වශයෙන් ක්ලීන් කරන්න හදන්නේ පරණ කුණු කන්දල් තමයි.

 

මේවා තමයි කරපු විනාශය. අපි ආණ්ඩුවක් වශයෙන් කිසිසේත්ම බලපත්‍ර ලබා දෙන්නේ නැති වුණාට අලුතින්, නීත්‍යනුකූලව දුන්න ඒවා නතර කරන්න ගියොත් නීතිමය ගැටලුවක් එනවා.”

 

නවතම ලිපි