SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් ඕනෑම වේලාවක කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් වීමට සූදානම් බව පැවසූ හිටපු ජනාධිපති

මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ වේදිකාවලට ගොස් ප්‍රසිද්ධිය ලබා ගැනීමට උත්සාහ කරනවාට වඩා ලිඛිත නිල ඉල්ලීමක් තමා වෙත එවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

 

 

දිසානායක ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට තම නිල නිවසින් ඉවත් වන ලෙස හෝ ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂ 46ක කුලිය ගෙවන ලෙස දන්වා ප්‍රසිද්ධ කතාවක් කර දිනකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ තම නිල නිවස තමන්ට ලබා දුන්නේ යම් ක්‍රියා පටිපාටියකට අනුව බවයි.

 

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී කැබිනට් තීරණයක් ගත් අතර, එය ඔහුට ලබා දුන්නේ ඔහුගේ ආරක්‍ෂාව සහ හිටපු රාජ්‍ය නායකයෙකු ලෙස ව්‍යවස්ථානුකූලව ඔහුට හිමි විය යුතුවූවක් ලෙසට බවයි.

 

කෙසේ වෙතත් තමන් එම පරිශ්‍රයෙන් පිටව යාමෙන් ජනාධිපතිවරයාට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නම් තමන් බලහත්කාරයෙන් කිසිවක් තබා නොගන්නා නිසා ඉන් ඉවත් වීමට තමන් සූදානම් බවත්  ඔහු කියා සිටියි.  අනුර දිසානායක ජනාධිපතිවරයා  දැන් රාජ්‍ය නායකයකු වුවද ඔහුගේ හැසිරීම විපක්ෂයේ සිටි දේශපාලනඥයකුට වඩා වැඩි දෙයක් නොවන බවද ඔහු එහිදී සිහිපත් කරයි.

 

“අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මම මහින්ද රාජපක්ෂ කියලා අමතක වෙනවා. එතුමාගේ කතා ගැලරියට හොඳ වුණත් එතුමා බොරු මැතිවරණ පොරොන්දුවලදි  කළා වගේ රටවැසියන් නොමඟ යැවීමට කතා කරන අතරේ එතුමා මට ලිඛිත ඉල්ලීමක් එව්වොත් මම මගේ නිල නිවසින් ඉවත් වෙන්න කැමැති බව ජනාධිපතිතුමාට දන්වන්න කැමතියි. මට විජේරාම මාවතේ මේ නිවස ලැබුණේ ඒ  වසර 10ක් වඩාත්ම අවදානම් කාලවලදී  රට ගෙන ගිය ජනාධිපතිවරයෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ කැබිනට් පත්‍රිකාවක් අනුමත වීමෙන්. දිසානායක ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාවට සහන සලසනවා වෙනුවට වැඩිපුරම කරන්නෙ වේදිකාවට ගොඩවී හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සහ නිවාස උදුරා ගනිමින් ඔවුන්ව විවේචනය කිරීමට වචන මුදා හරිමින් ගැලරියට කතා කිරීමට කටයුතු කිරීම”

 

 “මම හැමදාමත් රට ජාතිය වෙනුවෙන් වැඩ කරපු දේශපාලකයෙක්, නායකයෙක්. යුද්ධය නිමා කිරීමේ සිට සංවර්ධනය ගෙන ඒම දක්වා මම ජනාධිපති ධුර කාලය තුළ ගෙනාපු සංවර්ධනයෙන් අද රටට ප්‍රතිලාභ ලැබෙනවා. මම අත්සන් කළ සංවර්ධන ව්‍යාපෘති සමහර අය විසින් නවතා දැමීමට පවා යොමු උනා. ඒවා  ආයෝජකයින්ගේ විශ්වාසයට දැඩි බාධාවක් උනා”.

 

"දේශපාලන පළිගැනීම් වල ඉඳන් හිරිහැර කිරීම දක්වා මම ඒ හැමදෙයක්ම දැක්කා. දිසානායක ජනාධිපතිතුමාට මගේ නිල නිවස මගෙන් උදුරා ගත යුතුයි කියලා හිතෙනවනම් මම යන්න ලෑස්තියි. මම කිසිම දෙයක් බලෙන් තියාගෙන නැහැ. එතුමා මට නිල ඉල්ලීමක් එවන්න ඔින."

 

නවතම ලිපි