SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසු ගිය දවස්වල ලංකාවේ බදු එකතු කරන ආයතනය ඉතිහාසයේ වැඩිම

බදු ආදායම රැස් කළා කියල හුරේ දමමින් ආයතනයෙ ලොකු නෝනගෙ ලිපියක් එක්ක මාධ්‍යවල පළවුනා මතකද?.

 

 

ඔන්න අපේ ගොසිප් තීරයට මේ ගැන බොහොම විශ්වාසදායක ආරංචියක් ලැබුන. මේ ගැන කරුණු හොයපු කට්ටියකට දැනගන්න ලැබිලලු බදු දෙපාර්තමේන්තුව මහා ලොකු ප්‍රාතිහාර්යක් කරල නෙවෙයිය.. ඒ බදු ආදායම වැඩිඋනේ පසු ගිය කාලයේ වැඩි කල බදු අනුපාතය නිසාත්, අලුතින්  හඳුන්වලා දීපු අනෙකුත් අලුත් බදු වර්ග ගෙවන පිරිස වැඩිවීම නිසාත්ය කියල එහෙම බදු ආදායම වැඩි උනේ කියලයි.

 

 

කාරණේ ඒක වෙද්දි මොකද මේකෙ ලොකු නෝනටයි එයාගෙ ලඟම ඉන්න කල්ලියටයි  එහෙම ප්‍රචාරයක් දෙන්න ඔින උනේ කියල හිතෙනව නේද?  

 

අන්න හරි. ඒ වගේ පබ්ලිසිටි දීල මොකක් හෝ වහගන්න හදනව වගේ නේද?

 

 

 

ඔන්න අපිට ලැබුණු ආරංචියෙන් නම් කියැවෙන්නේ මුදල් අමාත්‍යාංශයටයි රජයටයි බොරු මුහුණක් පෙන්නල ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලොකු නෝනයි  සහ එයාගේ  ලඟම පිරිසයි කරගෙන ගියපු බදු ලිපි ගොනු වංචා යටපත් කරන්නලු මෙහෙම කළේ කියලයි. (ලු හොඳේ..ඒගැන හොයල බලන එක Clean Sri Lanka task force එකට කරන්න පුළුවන්)

 

 

කතාව යන්නෙ බදු ලිපිගොනු වලින් 2024 වසරෙ විතරක් හොරකම් කරපු  සල්ලි  රාජ්‍ය ආදායමට එකතුවුනා නම් ඒ ආදායම වගේ දෙගුණයක මුදලක් රජයට ලැබෙනවා කියලයි..

 

ඒ විතරක් නෙවෙයි ඔය කියන, රටේ ආදායම් බදු එකතු කරන ආයතනයටම අදාළව බදු එකතු කරන්න  ජාවත්තෙයි නාරාහේන්පිටයි කාර්යාල තියෙනවලු. ඒවයෙන් කෙරෙන රාජකාරි ගැන වගේම  අනෙක්  දිස්ත්රික්ක කාර්යාල ගැනත්  නිසි හොයා බැලීමක් නෑ කියලයි කියන්නෙ.

 

සාමාන්‍යයෙන් පාලකයෙක් කූඨ විදිහට ආයතනය මෙහෙයවන්න ඔින උනාම කරන්නෙ විෂයප්‍රාමාණ දැනුම අඩු තමන්ට කීකරු පිරිස් ඉහල පුටුවලට දාගන්න එක. දුර්වලයින්ව පාලනය කිරීම ලේසි සහ පහසු හින්ඳනෙ එහෙම කරන්නෙ. මේකෙත් ඒ වගේද දන්නෙ නැහැ. සමහරු නම් එහෙම චෝදනාත් කරනවලු..

 

බදු එකතු කරන ආයතනයෙ තවත් මගඩියකුත් කට්ටිය රෑට රෑට පොඩි ෂොට් එකක් අරගෙන ඉද්දි කතාවෙනව අපේ ගොසිප් තීරයට ඇහිල තිබුණ.

 

RAMIS කියන්නෙ  online මාර්ගයෙන් බදු කටයුතු කරන කාලයට පෙර කාලයට ඒ කියන්නෙ  2016 කලින් කාලයෙ හිඟ බදු එකතු කිරීම. මෙන්න මේක අත යටින් වැඩ කරන්න හොඳම තැනක්ලු. මේ බදු එකතු කිරීම ඉතා අකාර්යක්ෂම විදිහට කරල රජයට එකතු වෙන්න තියෙන බදු මුදල් නැති කරනවලු.

 

 

අත යට මුදල් අර ගෙන අවුරුදු  දෙක තුනක්  හිමින් හිමින් හිඟ බදු ගෙවන්නත් මේ අය බදු ගෙවන්නාට  අවස්ථාව ලබාදෙනවලු. කෙනෙක් හිතන්න පුළුවන් ඒත් කමක් නැහැ හෙමි හෙමින් හරි බදු මුදල් ටික රජයට ලැබෙනවනේ කියල. එහෙම හිතන කට්ටියත් අපේ ඉන්නවනේ..

 

 

ඒ උනාට මෙහෙමත් වෙනවලු.  2016 පෙර කාලයට අදාල දත්ත පරිගණකයෙන් විකෘති කරල බදු ගෙවන්නාට සහන ලබාදෙන්නේ එයින් කොටසක් තමාගේ ආදරණිය හිතවතුන්ටත් බෙදාගන්න අවස්ථාව සලසා දෙමින්ලු. දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලදාරියකුට පවා දත්ත පද්ධතියට අත තියන්න අවසර නැති උනත් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකාවටයි එයාගෙ ගෝලයින් දෙතුන් දෙනෙකුටයි පුළුවන්ලු  මේකට අත පොවන්න. මේ දත්ත පද්දතියේ සෙල්ලම කොච්චර  දුර දිග ගිහින්ද කියනවනම් කොමසාරිස් ජනරාල්ගේ හිතවතුන්ගේ හිග බදු කපා හැරෙන්නේ මේ අධ්‍යක්ෂිකාවගෙ උපදෙස් අනුවය කියලත් වටේ ඉන්න අය කියනව.. මේ විදිහට ලොකු නෝනගෙ කටයුතු කරන හින්ඳ එයාට ඔන්න  ලබන පෙබරවාරි මාසයෙදි  එංගලන්තයේ සවාරියකටත් සූදානම් කරලලු.. මේ ටුවර් එක ලැබෙන්න ඔින මාණ්ඩලික නිලධාරියකුට උනත්  ලොකු නෝනට දර දිය අදින කණ්ඩායමට සලකන්න එපායැ? නේද... මේ වගේ වැඩ නම් එතැන එමට සිද්ධවෙනවලුනේ.

 

කොහොම උනත් මාධ්‍ය විදිහට අපිට පුළුවන් මේ තැන් තැන්වල කතාවෙන ඇත්ත කාරණා ගැන ගොසිප් විදිහට හරි අනාවරණය කරන එකනේ.

 

රටම ක්ලීන් කරන්න ඉන්න අලුත් ආණ්ඩුවට පුළුවන් ඉතිං හැකි විගස මේ කරුණු ගැන  විගණකාධිපතිගේ අවදානය යොමු කරවන්න.

 

 

එතකොට පුළුවන් 2024 වසර තුල 2016 පෙර හිඟ බදු සහ 2016-2018 තෙක් හිඟ බදු එකතු කරපු විදිහ ගැන  විශේෂ විගණනයක් සිදු කරන්න. බදු ගෙවීම් වාරික ලබා දුන් ලිපි ගොනු නැවත පරික්ෂා කරන්න. පැරණි හිඟ බදු දත්ත ලබා ගැනීමට දෙපාර්තමේන්තු මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරල  දත්ත පරිශීලනයේ ඒකාධිපති රාමුව වහා ඉවත් කරන්න. ඒ වගේම හොරරහසේ විදෙස් සවාරි ගිය නිලධාරීන් පිලිබඳ විස්තරයක් කඩිනමින් අරගෙන ඒ අය ආපසු ඇවිත් සංචාරයෙන් දෙපාර්තමේන්තුවට ලබාදුන් දායකත්වය හොයා බලන්න.

 

 

ජනාධිපතිවරයාගේත්, විගණකාධිපතිගේත් අවදානයට මේවා ලක්විය යුතුයි.

 

පිරිසිදු රටක් හදන්නට නම් මුලින්ම මේ වගේ ආයතනවල නිලධාරීන් පිරිසිදු වෙන්න ඔින නේද?

 

ඒ හින්ඳ මේව ගොසිප් කියල පැත්තකට නොදා හොයල බලනවනම් රට ක්ලීන් කරගන්න පුළුවන් වෙයි.

 

#Gossip

#Clean Sri Lanka

නවතම ලිපි