ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු, දේශපාලන විචාරකයෙකු, න්‍යායාචාර්යවරයෙකු,
සමාජ ක්‍රියාකාරිකයෙකු සහ ලේඛකයෙකු වූ වික්ටර් අයිවන් තම දිවිසැරිය නිමකර ඇත.
කලක සිට අසනීප තත්ත්වයෙන් රෝහල ගත වී සිටි ඔහු මිය යනවිට 76 වියේ පසුව ඇත.
වික්ටර් අයිවන් රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරකවරයෙකු වේ.
1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්රය සම්බන්ධයෙන් විශාල මතවාදී මැදිහත්වීමක් සිදු කළ පුද්ගලයෙකු ලෙස සැලකේ.