SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (17) මහජන උපයෝගීතා කොමිසම විදුලි පාරිභෝගිකයන්ට විදුලි බිල 

සංශෝධනය කරමින් නිකුත් කර තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටය.

 

 

එහෙත් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ  නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදුකරන්නේ එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව බව බල ශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

 

 

මුදල් අමාත්‍යාංශයේ අදහස අනුව  අදාල විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාකරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.