ශ්‍රී ලංකාව සහ චීනය සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල යන
මූලධර්මවලට අනුකූලව එක් පැකේජයක් තුළ විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) ඉක්මනින් අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට එකඟ වී ඇති බව දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් අවධාරණය කර ඇත.
අදාළ චීන ආනයනකරුවන්ගේ සංගම් සමඟ සබඳතා ඇති කර ගැනීම සඳහා තේ, මැණික් සහ අනෙකුත් කර්මාන්තවල ශ්‍රී ලාංකීය ව්‍යවසායන් සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට චීනය සිය සූදානම ප්‍රකාශ කළේය.
චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීන ආනයන හා අපනයන ප්‍රදර්ශනය, චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ ඊ-වාණිජ්‍ය වේදිකා වැනි ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට පහසුකම් සපයන බව ද එමගින් ප්‍රකාශ කරයි.
විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවෙන් ආනයනය ප්‍රවර්ධනය කිරීමට චීනය දරන උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කළේය.
ආර්ථිකයේ සහ වෙළෙඳාමේ ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රගතිය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව ද දෙපාර්ශ්වය ප්‍රකාශ කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් චීනයේ පළමු නිල සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ සහ ලංකා ආණ්ඩුවේ ජනාධිපතිවරුන් අතර සිදු කෙරුනු ඒකාබද්ධ ප්‍රකාශය පහත සඳහන් වේ.