SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (බදාදා) රාත්‍රියේ 54 හැවිරිදි සයිෆ් අලි ඛාන්, ඔහුගේ බන්ද්‍රා නිවසට

අනවසරයෙන් ඇතුළු වූ අයෙකු සමඟ ඇති වූ ගැටුමකින් තුවාල ලබා මුම්බායි හි ලීලාවතී රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු මේ වනවිට “අනතුරෙන් මිදී” ඇතැයි වාර්තා වේ.

 

 

සයිෆ් ඛාන්ගේ සමීපතමයන්ගේ ප්‍රකාශ වලට අනුව, “සයිෆ් අලි ඛාන් සැත්කමකින් අනතුරුව ජීවිත අවදානමෙන් මිදී ඇති බවය. ඔහු මේ වන විට සුවය ලබමින් සිටින අතර වෛද්‍යවරු ඔහුගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටිති. පවුලේ සියලු දෙනා නිරුපද්‍රිතව සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

“ලීලාවතී රෝහලේ වෛද්‍ය Niraj Uttamani, Dr Nitin Dange, Dr Leena Jain සහ එම කණ්ඩායමට අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙම කාලය තුළ යාච්ඤා සහ සුව වේවා යි ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන්  ඔහුගේ සියලුම රසිකයින්ට සහ සුභ පතන්නන්ට ස්තූතියි. ”

 

ලීලාවතී රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය නිරාජ් උත්තමානි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, වාසනාවකට මෙන්, සයිෆ් අලි ඛාන්ගේ සැත්කම ඉතා හොඳින් සිදු වූ බවයි. ඔහු යථා තත්ත්වයට පත්වෙමින් සිටින අතර, සැත්කම අවසන් වී ඔහු දැඩි සත්කාර ඒකකයට මාරු කර ඇත. තව දිනකින් හෝ  දෙකකින් ඔහුව සාමාන්‍ය වාට්ටුවට මාරු කළ හැකි බවත් ඊට අනතුරුව ඔහුව දැකගත හැකි බවත් ප්‍රධාන මෙහෙයුම් වෛද්‍ය නිළධාරී පවසයි. තුවාල වඩාත් ගැඹුරු නමුත් අපගේ වෛද්‍ය කණ්ඩායම විසින් එය හොඳින් කළමනාකරණය කර ඇති බවද ඔහු පවසයි.

 

ඔහුගේ කොඳු ඇට පෙළේ පිහියක් ඇනීම නිසා උරස් කොඳු ඇට පෙළහි විශාල තුවාලයක් සිදුවී ඇති බව ද  එම ප්‍රකාශයේ සඳහන් වේ.

 

“ශල්‍යකර්මයක් කර පිහිය ගලවා සුෂුම්නාව යථා තත්ත්වයට පත් කළා. ඔහුගේ වම් අතේ සහ බෙල්ලේ දකුණු පැත්තේ තවත් ගැඹුරු තුවාල දෙකක් තිබූණා. ඒවා වෛද්‍ය ලීනා ජේන් ප්‍රමුඛ ප්ලාස්ටික් සැත්කම් කණ්ඩායම විසින් යථාවත් කළා. ඔහුව  හෘද රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රීනිවාස් කුඩ්වා විසින් ද නිරීක්ෂණය කරනු ලැබුවා”.

 

මුම්බායි හි ලීලාවතී රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය නිතින් ඩැන්ගේ පැවසුවේ ඔහු දැන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙමින් අනතුරු තත්වයෙන් මිදී සිටින බවයි.

 

Indian express

නවතම ලිපි