SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාලිමා ආණ්ඩුවට මේ දිනවල සමාජ මාධ්‍ය තුළ එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් මැදිහත් වෙමින් හෝ

වසා ඇති NPP දොර විවෘත කරගැනීමේ ක්‍රමවේදයක් වෙනුවෙන් ඊයේ රාත්‍රියේ සිවිල් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකු රහස්‍ය සාකච්ඡාවක් සිදුකර ඇතැයි වාර්තා වේ.

 

 

‌සමාජ මාධ්‍ය තුළ පසුගිය කාලයේ දැඩිලෙස ආණ්ඩුවට විවේචන එල්ල කළ කිහිප දෙනෙකුද ඇතුලත් මෙම රහස්‍ය සාකච්ඡාවට මූලිකත්වය ගෙන ඇත්තේ එක්තරා මහාචාර්යවරු දෙපලක් සහ ජවිපෙන් ඉවත් කළ පුද්ගලයෙකු විසින් යැයි පැවසේ.

 

මේ වනවිට NPP යේ දොරවල් වැසී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව ඇතුලට රිංගා ගැනීමට නම් ආණ්ඩුව විවේචනය කිරීම නැවත්විය යුතු නොවේද යන්න මෙහිදී එක් අයෙකු විසින් යෝජනා කර ඇත.

 

ඔහු පසුගිය දිනවල චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා එය ඔහුගේ නමට ඈඳා  කටකතා පතුරුවා හැර තිබූ බවත් කියැවේ.

 

 

 කෙසේ වුවද තමන්ට ආණ්ඩුව ඇතුලට යෑමට නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ සමහර පිළිවෙත් විවේචනය කිරීම නිසා බවත් කෙසේ හෝ ආණ්ඩුව තුලට ආණ්ඩුවට ද නොදැනී රිංගා ගත හැකි ක්‍රම පිළිබඳව ඊයේ රාත්‍රී රහසිගත සංවාදයක දී මොවුන් විසින් තීරණය කර ඇතැයි පැවසේ.

 

 

ජවිපෙ විරෝධී ස්ථාවරයක සිට මාලිමා රැල්ල දැක තනතුරු අපේක්ෂාවෙන් මාලිමාව වෙනුවෙන් අවසාන කාලසීමාවේ පෙනී සිටි රුහුණු පුරයේ මහාචාර්යවරයකු පවසා ඇත්තේ මෙම එකතුව විසින් මාලිමා ආණ්ඩුවට යටින් නෙට් එකක් සේ ඔවුන් ආරක්ෂා කිරීමට ආවරණයක් සකස්කළ යුතු බවය.

 

මෙකී සංවාදය සඳහා 19 දෙනෙකු සහභාගී වී ඇති අතර මෙම යෝජනාව සිදුකර ඇත්තේ ආණ්ඩුවට රිංගා තනතුරු අපේක්ෂාවෙන් පසුවන කිහිප දෙනෙකු වෙතිනි.

 

pradi

 

 

සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව ඇති සටහන් වලින් පැවසෙන්නේ, ජවිපෙට නිර්ධය ලෙස පහරදෙමින් සිට (සජිත් දිනන බවට වූ විශ්වාසය මත) සුදාගේ සමීක්ෂණ දැකීමෙන් පසුව ඇති වූ අවබෝධයෙන් අනතුරුව ජවිපෙ පාර්ශවය ගත් දර්ශන ලියනගේ, කලක් ජවිපෙ පූර්නකාලිනයෙකු වශයෙන් කටයුතු කල ප්‍රේමතිලක නැමැත්තා, විදර්ශන කන්නන්ගර, ප්‍රදීප් ජයරත්න, වැනි අය මෙම ආණ්ඩුවට රහසේ රිංගා ගත යුතු ක්‍රම සහ විධි තීරණය කරන කමිටුවේ සාමාජිකයින් වන බවය.

 

නිර්මාල් දේවසිරි, කල්‍යානන්ද පෙරේරා, වංගීස සුමනසේකර, ගීතිකා ධර්මසිංහ, පිලිප් ශාන්ත, සම්පත් ශ්‍රී අරම්පොල සහ තවත් කිහිපදෙනෙකු මෙම සංවාදයට සහභාගී වෙමින් කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවේ රහස්‍යභාවය රැක ගන්නා ලෙස එකිනෙකාට අවවාද කරගෙන ඇති බවත් ගොසිප් තීරයට වාර්තා විය.

 

#Gossip

නවතම ලිපි