SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායක බීජිං වේලාවෙන් අද (14) පෙරවරු 10.25 ට

බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

 

 

චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා චීනයේ රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේය.

 

එහි පැමිණි ජනාධිපතිවරයාව  චීන හමුදාව විසින් චාරිත්‍රානුකූලව පිළිගනු ලැබූ අතර, චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ෂියාඕඩොන්ග් විසින් නිල වශයෙන් පිළිගනු ලැබීය.

 

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගමන් ගත් මාර්ගය දෙපසම අනෝන්‍ය ගෞරවය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සංකේතවත් කරමින් දෙරට  ජාතික කොඩිවලින් අලංකාර ලෙස සරසා තිබුණි.

 

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ ක්ෂේත්‍ර චාරිකා මෙන්ම දරිද්‍රතාවය පිටුදැකීමේ මුලපිරීම් ඇතුළු ප්‍රධාන කාර්යයන් කිහිපයකට සහභාගී වීමට නියමිතය. 

 

මෙම සංචාරයට ඉහළ මට්ටමේ ව්‍යාපාරික රැස්වීම් සහ සාකච්ඡා ද ඇතුළත් බව සඳහන්.

 

tour che 1

 

තවද, ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙම සංචාරයේදී අත්සන් තැබීමට අපේක්ෂා කෙරේ.

 

ජනාධිපති දිසානායක සමඟින් පැමිණි දූත පිරිසට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, කොළඹ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong සහ ශ්‍රී ලංකා තානාපති Majintha Jayesing ඇතුලු පිරිසක් ද  ඇතුළත් වේ.

 

 

නවතම ලිපි