ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවට පොරොන්දු වී තමන්ගෙන් ලබා ගත් කෝටි පනහක
මුදල ආපසු ලබාදෙන ලෙස පොළොන්නරුවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙක් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකට දැනුම් දී තිබේ.
තමන්ට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නොලැබීම සම්බන්ධයෙන් මෑතකදී එම පක්ෂ කාර්යාලටද ගොඩ වැදී ඔහු දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කර ඇති බවත් පැවසේ.
අදාල මුදල ඔහු විසින් ලබාදී ඇත්තේ පක්ෂයේ බොහෝ තීන්දු තීරණ ගැනීමට තරම් බලවත්, පක්ෂ ප්‍රධානියාගේ ළඟම හිතවතෙකුට පොළොන්නරුවේ පිහිටි හෝටලයකදී බවද කියැවෙයි.
මෙම මුදල් ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන්ද දැඩි විරෝධය එල්ල වෙමින් ඇති අතර මාධ්‍ය වෙත මෙම තොරතුරු ලබාදීමට ඔවුන්ද මෙනිසා දායක වී ඇැයි වාර්තා වේ.
තවද ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සිටියදී ප්‍රධාන තීන්දු ගැනීම සඳහා එම පුද්ගලයා මැදිහත් වන බවට චෝදනා කෙරෙන අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙන බවට පොරොන්දු වෙමින් සන්ධානගතවූ ජ්‍යෙෂ්ට දේශපාලන නායකයින්ගේ නම් ජාතික ලැයිස්තුවේ මුලට දැම්මද ඔවුන්ටද අවසානයේ විශාල රැවටීමක් මෙම පක්ෂ නායකයා විසින් සිදුකර ඇත.
CNews ඇසුරින්.