SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වසර (2025) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය (අයවැය විවාදය)

පෙබරවාරි මස 18 දින සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

 

 

ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අය වැය යෝජනා ඇතුළත් කථාව) පෙබරවාරි 17 වැනිදා සිදු කිරීමට නියමිත ය.

 

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මේ අය වැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 දින සිට 25 දක්වා දින 7ක් පැවැත්වෙන බවද, 25 දින පස්වරු 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන් ය.

 

ඉන් පසු 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 දින සිට මාර්තු 21 දක්වා සෙනසුරාදාවන් 4ක්ද ඇතුළුව දින19ක් පැවැත්වීමටද තීරණය වී තිබේ.