‘අනුර කුමාර දිසානායක තිත්ත දේශපාලනයේ ඇත්ත ජනාධිපති.
හරිනි, නලින්ද, වසන්ත තමන්ට දැනුමක් නැත්නම් දැනුම නැහැයි කියන්න.
මහජනයා නොමග යවන්න එපා.
ඇත්ත මිනිස්සු බොරු කරනකොට මහජනයා නිකම් ඉන්නෙ නෑ’ යයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කලේය.
“මුල වතාවේ මාර්තු මාසේ ලංකා විදුලිබල මණ්ඩලය කිව්වේ 3% කින් විතරයි අඩු කරන්න පුළුවන් කියලා. නමුත් කොමිසම 22% කින් අඩු කළා. එහෙම වුණයි කියලා ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවේ නෑ. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී ඔවුන් කිව්වේ 4% කින් විතරයි අඩු කරන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවේදීත් 22% කින් අඩු කළා. ඒ වුණයි කියලත් ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය මේ කිසි විදියකට පාඩු ලැබුවේ නෑ. ඉතින් ඒකෙන් පේනවා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉලක්කම් බොරු කියලා. දැන් මේ පාඩුයි පාඩුයි කියලා විදුලිබල මණ්ඩලය හැමදාම ජනතාව මත නෙමෙයි බර පටවන්නේ. නෑ ඒක තමයි ඒක. ඒ ඒවා පාඩු නෑ. ලංකා විදුලිබල මණ්ඩලය ලාභයි. ඊයේ ඇමතිතුමා කිව්වා බිලියන් 322 ක ණයක් තියෙනවා කියලා. අපි අද පෙන්නලා දුන්නා ලංකා විදුලිබල මණ්ඩලයේ තිබිච්ච පැරණි ණය කොහොමද මහා භාණ්ඩාගාරයේ ගත්තේ කියලා. ඒ බිලියන 332ට ගෙවන්න ඕනේ එකක්. බොහොම පැහැදිලිව මේ විදුලි ගාස්තුවලට ඇතුල් කරලා තියෙන්නේ. ඒ නිසා මහජනයා නොමඟ යවන්න කියලා. මොකද මේ අයට තමන්ට දැනුමක් නැත්නම් දැනුම නැහැයි කියන්න. මහජනයා නොමඟ යවන්න එපා.
විගණන විමසුමක් තියෙනවා. ඒ විගණන විමසුමේ තියෙනවා විදුලිබල මණ්ඩලය තමන්ගේ අය ක්‍රමය හරහා මේ සියල්ල ඇතුලත් කරලා තමයි අය ක්‍රමය හදලා තියෙන්නේ. ඒක නිසා මේ දැන් ඉදිරිපත් කරලා තියෙන ඉලක්කම් වැරදියි. අපි කියන්නේ අනාගතය ගැන අපි කාටවත් විදුලිබල මණ්ඩලයටවත්, අපි කාටවත් කියන්න බැහැ. ඒ ක්‍රමය හදාගන්න කොට හදාගන්නේ අතීතය ගැන බලලා, අතීතයේ ඇත්තටම සිද්ධ වෙච්ච දේ බලලා, ඇත්තටම ලාභය පෙව්වා නම්, ඒක සහනය දෙන්න ඕනේ. මේ ඉදිරි හය මාසෙදි ලංකා විදුලිබල මණ්ඩලය පාඩු වුණොත් ඒ පාඩුව ඊළඟ අය හදා ගනිද්දි කරන්න පුළුවන්. ඒකයි වෙන්න ඕන දේ.
ඉතින් ඒකයි අපි එතනදි අවධාරණය කරන්නේ. දැන් ආණ්ඩුව කියන්නේ කිසිම පොරොන්දුවක් වුන්නෑ නිශ්චිත කාලවානු වකවානුවකදී විදුලි මිල අඩු කරනවායි කියලා. කොහෙවත් පොරොන්දු වුන් නැහැයි කියලා කියන්නේ. බොහොම පැහැදිලිව මෙතනට ආවනේ නලින්ද ජයතිස්ස මහත්තයා ගිය අවුරුද්දේ. වසන්ත සමරසිංහ මහත්තයා ඔබතුමාලට මොනවද කිව්වේ. 35% කින් අඩු කරනවා කියලනේ කිව්වේ. එතකොට ජනාධිපතිතුමා මේක ඉලක්කම් වලින්ම කිව්වනේ. රු. 9,000 බිල 6,000 කරනවා කියලා. 3000 බිල 2000 කරනවා. මේ අනුර කුමාර දිසානායක තිත්ත දේශපාලනයේ ඇත්ත ජනාධිපතිනේ ඒවා කිව්වේ. ඇත්ත මිනිස්සු බොරු කරනකොට මහජනයා නිකම් ඉන්නෙ නෑ.
මහජනයාට වහාම අඩු කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අපි කියනවා ගන්න යහපාලන ආදර්ශය. යහපාලනය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා අපි තෙල්වල මිල අඩු කරනවා කියලා. අපි අඩු කරලා පෙන්නුවා. රු.157 ට තිබිච්ච පෙට්‍රල් 117 ට ගෙනාවා. 137 ට තිබිච්ච ඩීසල් අපි රු. 95 ට ගෙනාවා. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 45 ක් පාඩුයි කිව්වා. අපි බිලියන 20 කින් ලාභ පෙන්නුවා. නොහැකියාව කියන්නේ. එහෙම නැත්නම් තමන්ට මේ කටයුත්ත කරන්න බෑ කියලා කියන්න මිනිස්සු යළි නොමඟ යවන්න එපා. මතක තියාගන්න මිනිස්සු ඕවට සමාව දෙන්නේ නෑ.
මිල සූත්‍රයක් දාලා තියෙනවානේ. ඉතින් ඒ මිල සූත්‍රය තියෙනවානේ. බොහොම පැහැදිලිව බදු. බදු ටික බොහොම පැහැදිලිව ඒ මිල සූත්‍රයෙ තියෙනවා 14% ක ලාභයක් තියෙනවා. 4% ක කොමිෂන් එකක් තියෙනවා අදාළ තෙල් බෙදුම්කරුවන්ට. ඒවා කවදද තිබිච්ච දේවල්. කමක් නෑ. හැබැයි මේ කියන්න එපා මේ කාංචන විජේසේකර පගා ගන්නවා. ඒක නිසා අපිට කොරන්න බෑ කියලා. ඒ වගේ බොරු කියන්න එපා. ඇත්ත කියන්න. බදු ඕනේ. රට ගෙනියන්න. අපිට මේ දීලා තියෙන ඉලක්ක වලට අපිට බිලියන හාරදාස් පන්සීයකට වැඩිය ඕනේ මේ අවුරුද්දේ කරගෙන යන්න. ඒක කියන්න. ඒක කිව්වම අපි ඒකට එකඟ වෙන්නම්. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ ඇත්ත මිනිස්සු බොරු කරනකොට මහජනයා නිකන් ඉන්නේ නෑ. ඒකයි මම කිව්වේ මහජනයාට දැන් මේ අනුර හරිනිගේ බද්දට විරුද්ධව නැගිටින්න කියලා”.
– Media unit