SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබදු ගාස්තු

ඉහළ දමමි​න් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

 

ඒ අනුව සියයට හයක ප්‍රතිශතයකින් මෙම බදු අනුපාතයන් ඉහළ යයි.

 

ඒ අනුව මධ්‍යසාර සහ දුම්වැටි සඳහා වන සුරාබදු ගාස්තු සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

 

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මෑතකදී කියා සිටියේ මත්පැන් භාවිතා කරන අය සඳහා සෞඛ්‍යාරක්ෂිත අඩු මිල මත්පැන් වර්ගයක් නුදුරේදීම හඳුන්වා දෙන බවයි.

 

සෙවනගල හා පැලවත්ත සීනි කර්මාන්තශාලා වලින් අතුරු නිෂ්පාදන යොදාගනිමින් මෙම නව අඩු මිල මත්පැන් වර්ගය නිෂ්පාදනය කරන බවද ඔහු කියා සිටියේය.

 

මේ අතර සුරාබදු වැඩිවීමත් සමඟ දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.

 

ලංකා දුම්කොළ සමාගමට (CTC) අනුව සුරාබදු ඉහළ නැංවීමෙන් පසු 2025 ජනවාරි 11 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා ඇත. ඒ අනුව කාණ්ඩ හතරක් යටතේ මිල ගැලපීම් ක්‍රියාත්මක කර ඇතැයි පැවසේ.

 

 

නවතම ලිපි