SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උතුරට ඔබ්බෙන් වූ මුහුදේ කැස්බෑවුන් 100 කට අධික සංඛ්‍යාවක්

මිය ගොස් ඇතැයි වාර්තා වේ.

 

 

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයින් විසින් තහනම් ධීවර ආම්පන්න භාවිත කිරීම ඊට හේතුව බව ලංකාවේ ධීවරයෝ පවසති.

 

යාපනයේ කෂුරිනා, කෝවලන් සහ කරෙයිනගර් වෙරළ තීරයේ කැස්බෑවන්ගේ සිය ගණනකගේ මළ සිරුරු හමුවී ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

 

ඔවුන් අතර තුවාල ලැබූ කැස්බෑවන් කිහිප දෙනෙකු දුටු බවත් ලංකාවේ ධීවරයෝ  පවසයි.

 

මේ අතර මුහුදු වෙරළේ තිබී හමුවූ පණ ඇති  කැස්බෑවන් නාවික හමුදාව සහ ධීවරයින් එක්ව මුහුදට මුදා හැර ඇත.

 

ඉන්දීය දඩයක්කරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරට ඔබ්බෙන් වූ මුහුදේ කැස්බෑ ගහනය වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින බව ධීවරයෝ පවසති.

 

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ උදාසීන ආකල්පය පිළිබඳව ඔවුහු කනස්සල්ල පළ කළහ.

 

@රොමේෂ් මධුසංඛ ‌ගේ වාර්තා ඇසුරිනි

නවතම ලිපි