Clean Sri Lanka වැඩසටහන මගින් ප්රවාහන ක්ෂේත්රයට අදාළ
වැදගත් තීරණයන් ගෙන ඇති බව මගීන් ගේ අදහස වී ඇත.
ලංකාවේ පෞද්ගලික බස් රථයක ගමන් කිරීම යනු මාරක ළිඳේ මෝටර් සයිකල් පැදීමක් මෙන්ම බස් රථයට ගොඩවූ මොහොතේ සිටම එහි කොන්දොස්තර හා රියැදුරුගේ රසාස්වාදනය බලෙන් භුක්ති විඳීමට සිදුවීමත්, හරියාකාරව තම ගමන නිමාවන තැන හෝ දැකගත හැකි නොවන ලෙස තොරොම්බල් පිරුනු ස්ථානයක් වීමත් කාලයක් තිස්සේ බස් මගියා මත හෙළූ බලහත්කාරයක්ව තිබුණි.
මෙතෙක් කල් වරින්වර බලයට පත්වන දේශපාලන අධිකාරීන් විසින් මේ සඳහා පියවර නොගත්තේ මේ බොහෝ බස්රථවල නියම හිමිකාරීත්වයන් බොහෝ විට පැවතියේ දේශපාලකයන් මත හෝ ඔහුගේ අනුගාමිකයන් වීම මත නිසාය.
කෙසේ වුවද වත්මන් රජයේ මෙම ක්රියා පටිපාටියට බස් රථ හිමියන්ගේ සංගමය ඊට විරුද්ධත්වය ප්රකාශ කර ඇත.
ඒ අනුව ඊයේ ඔවුන් අදහස් දක්වමින් මෝටර් රථ ප්රවාහන පනත පිළිපදින ලෙසත් බස් වර්ජනයක් දක්වා ගෙන යා හැකි ක්රියාමාර්ගවලින් වළකින ලෙසත් පෞද්ගලික බස් සංගම් පොලිසියට අවවාද කර ඇත.
“පිරිසිදු ශ්රී ලංකා” වැඩසටහන යටතේ සිදුකරන පරීක්ෂණ, විශේෂයෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් බස් රථවල යෙදවීම පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කනස්සල්ල පළ කළේය.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ, වැඩබලන පොලිස්පතිවරයා සමඟ ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති අතර, එම සාකච්ඡාවේදී සංගමයේ දුක්ගැනවිලිවලට විසඳුම් ලබාදීමට නියමිත බව ය. ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයක් සාකච්ඡාවේ ප්රතිඵලය තෙක් තාවකාලිකව අත්හිටුවා ඇත.
“පිරිසිදු ශ්රී ලංකා” වැඩසටහනට පොලිසිය විසින් විශේෂ වාහන පරීක්ෂා කිරීම් ඇතුළත් වන අතර, සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් බස් රථ නිරීක්ෂණය කරයි.