SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රායලයට ඩොලර් බිලියන 8ක (පවුම් බිලියන 6.4ක) ආයුධ

ලබා දීමට සැලසුම් කර ඇති බව කොංග්‍රසයට දැනුම් දී ඇති බව ඇමෙරිකානු නිලධාරියෙක් බීබීසී ප්‍රවෘත්ති සේවයට තහවුරු කර තිබේ.

 

 

අදාළ ආයුධ තොගයට මිසයිල, ෂෙල් වෙඩි සහ අනෙකුත් යුද උපකරණ ඇතුළත් වේ.

 

මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන් ධූරයෙන් ඉවත් වීමට දෙසතියකට පමණ පෙර වීම විශේෂත්වයකි.

 

අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය ඊශ්‍රායලයට ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් හමුදා උපකරණ ඩොලර් බිලියන 20ක් ලබා දීමට අනුමත කළේය.

 

එසේම මෙම නවතම සැලසුම්ගත තොගයේ ගුවනින් ගුවනට මිසයිල, හෙල්ෆයර් මිසයිල, කාලතුවක්කු උණ්ඩ සහ බෝම්බ අඩංගු බව ද එක්සත් ජනපද නිලධාරියා පවසා තිබේ.