ආර්ථික පීඩනයෙන් තම පවුල තාවකාලිකව මුදා ගැනීමට ගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය
උගුලට හසු වූ කාන්තාවන් දෙසියයක් සිය දිවි නසා ගෙන ඇතැයි ජාතික කාන්තා එකමුතුව කියයි.
මෙරට පුද්ගලයන් ලක්ෂ විසි අටක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින බවත් ආදිවාසී කාන්තාවන් ඇතුළුව මෙරට කාන්තාවන් ලක්ෂ විසි හතරක් ණය උගුලෙන් මේ වන විටත් මිරිකී සිටින බවත් එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා පැවැසුවාය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය 38% - 40% අතර අධික ණය පොලී අනුපාත යටතේ ණය පහසුකම් සපයා තිබෙන බව පැවැසූ ඇය ණය ගෙවා ගත නොහැකි කාන්තාවන් අදාළ ආයතන ණය අය කරගැනීමේ නියෝජිතයන්ගේ ලිංගික බලහත්කාරයේ ගොදුරු වී සිටින බව ද පැවැසුවාය.
මේ හේතුවෙන් පවුල් අතර අසමගිය වර්ධනය වී දරුවන් අසරණ වී සිටින බවත් ඇතැම් කාන්තාවන් රට හැර ගෘහ සේවයට ගොස් සිටින බවත් සභාපතිනිය කීවාය.
@නිමල් ගුණතිලක