SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අන්තර්ජාතික භික්ෂු හුවමාරු බෞද්ධ  වැඩසටහන 2022 ආරම්භ වෙලා තියෙන්නේ

බෞද්ධ රටවල් හා එකී සම්ප්‍රදායයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමේ අරමුණින්‍ ලු.

 

 

ඒ අනුව පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු මෙවර වැඩසටහනේ තවත්  අදියරක් දෙසැම්බර් 21 වනදා  ඉඳල මාසයක් පුරා  ඉන්දියාවේ පැවැත්වෙන බවත් සඳහන් වෙනවා.

කොහොම උනත් අද අපි ගොසිප් තීරයෙන් මේ බෞද්ධාගමික ප්‍රවෘත්තියක් ගේන්නේ ඇයි කියල යමෙකුට හිතෙන්න පුළුවන්.

ඇත්තටම හේතුව මේකයි.

මේවාට යම් ආරාධනයක් කෙරෙන්නෙ ඒකට සම්බන්ධ වෙන්නේ, සහභාගී වෙන්නෙ ලංකාවේ නියෝජනයන් විදිහට.

 

ඉතිං මෙවර භික්ෂු හුවමාරු වැඩසටහනේ  පළවෙනි රැස්වීම ඉන්දියාවේදී ඉදිරි 07 වැනිදා අපේ අස්ගිරිය පැත්තෙ ඉන්න ලොකුම ලොකු හාමුදුරු නමක් ලු 'චීෆ් ගෙස්ට්' කරල තිබුනෙ. ඒක තීරණය කරල ඔන්න දින නියම කරගත්තෙ  මාසෙකට විතර  කලින්ලු.

 

ඉතිං මේ ලොකු හාමුදුරුවොත් දිනපොතේ මේගැන ලියාගෙන දින වෙන්කර ගත්තය කියලයි අපිට ආරංචි උනේ.

 

වැඩේ කියන්නෙ ඊයෙ පෙරේදා දවසක අන්තිම මොහොතෙ මේ වැඩසටහනට එන්න වෙන්නෙ නෑ කියල ඔන්න ඒ පැත්තෙන් සංවිධායකයන්ට පණිවුඩයක් එනවලු.

 

හේතුව තමයිලු ලොකු හිමියන්ගෙ ලේකම් හාමුදුරුවන්ට එදිනට නිවාඩුවක් නොමැති වීම.

 

වටේ පිටේ ඉන්න අයනම් කියන්නෙ ලොකු හාමුදුරුවොන්ට තනතුර තිබුණට තීන්දු තීරණ ගන්නේ ඥාති පුත්‍රයෙක් වුනු ලේකම් උන්නාන්සෙ කියලයි ලු.

 

ඥාති සංග්‍රහ ඉතිං අපේ රටේ මුල් බැහැ ගනිපු වැඩපිළිවෙලක් නොවෑ?

සමහර අවස්ථාවල ලංකාවේ තිබුනු ආණ්ඩු කරන ඇත්තොන්ගෙත්  ජනපතිට අගමැතිට ඇමතිට වඩා පෞද්ගලික ලේකම්ල තීන්දු තීරණ ගන්න බලයක් පිහිටවපු අවස්ථා නැතුවම නොවෙයිනේ ඉතිං.

මේකත් එහෙම එකක් වෙන්ටැතිය කියල හිත හදාගන්න නේ තියෙන්නෙ.

ඒත් ගොසිප් තීරයට ආරංචි උනේ ඊටත් වඩා දෙයකුත් ඒකට තියෙනව කියලයි.

 

මේ ලොකු හාමුදුරුවො සති දෙකකට විතර කලින් චීනයට දූත ගමනක් ගිහින් ආවලු.

 

සමහරු නම් කියන්නෙ ලේකම් හාමුදුරු සිද්ධිය වගේම මේ චීන කාරණයත් මේකට බලපාල කියලලු.

කොහොම උනත් භික්ෂු හුවමාරු වැඩසටහනට ලංකාවට කරපු ආරාධනයට නියෝජිතයෙක්වත් නම් කරල නැති බවක් තමයි අපිට ආරංචි උනේ.

චීනෙත් ඉතිං බලන බලන පැත්තෙ ජැක් ගහනවම තමයි. ඉන්දියාවෙනේ තියෙන්නෙත්.

 

චීනෙ ඉතිං සල්ලිත් තියෙන රටක් නොවෑ?

ආගම දහම කියල නැහැ, ඒවට එකඟවෙන්න වෙනවලුනේ නේද?

 

රට ඇතුලෙ බුදු දහම ප්‍රවර්ධනය කෙසේ වෙතත් අවවර්ධනය කරන චීන්නුන්ට ලංකාවෙ ආගම ගැන තියෙන්නෙ පුදුම ආදරයක්ලුනේ. ඒක කොච්චරද කියනවනම් ලොකු ලොකු උන්නාන්සෙලාට ලොකු ලොකු පරිත්‍යාංග සාංඝීක කරනවලු. අපි දන්නෑ ඉතිං රට්ටු කියන්නෙ එහෙමයි.

 

ඒකට නම් මොකද ඉතිං මාඔි සේතුං සහෝදරයා කිව්වෙ ආගම විසක් කියලනේ...

 

#Gossip