SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බදුල්ල මොණරාගල දිස්ත්‍රික් එක් මායිමක ඉතා වෙර වීර්යයෙන් ගොවිතැන් වල නිරත වන

ගොවි පවුල් 200ක පමණ සංඛ්‍යාවකට සෙත සලසන සියයට 90ක් ඉක්මවන සේ වැඩ නිමා කළ විදුලි ව්‍යාපෘතියක් බදුල්ලේ දේශපාලන අධිකාරින් විසින් නවත්වා තිබේ.

 

 

අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති ලලාපිත් මානවඩු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට අද දින (03) යොමුකර ඇති ලිපියක ඒ බව සඳහන් වේ. 

 


රුපියල් කෝටි 12 ක වියදමින් විදුලිය සැපයීමට කණු සිටවූ රැහැන් මාර්ගය ඇමති සමන්ත විද්‍යාරත්න ගේ නියෝගයෙන් ගලවා ඉවත් කරන්න ගෙන ගොස් ඇතැයි එම ලිපියේ සඳහන් වේ. 

 

එම ලිපියේ මෙසේද සඳහන් වේ. 


''බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකට මායිම්ව ඌව පළාතේ විදුලි බලය නොමැති එකම ස්ථානය වන සිංහලයාගම, උණකන්ද හා අන්නාසිගල ප්‍රදේශයට රුපියල්  මිලියන 120 ක වියදමින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ විය.

 


ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ වචනය සර්කියුලර් යැයි කීවේ මේ ගමට අල්ලපු ගමේ දීය. රනිල් වික්‍රමසිංහ ට ඇල්ලේ තේ පොච්චියක් පෙන්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න කතා කරන විට ඉස්සර වෙලා පාරවල් කපලා ලයිට් දෙන්න කිව්වේ මේ ගමටය. වසර 17 ක් මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය, රනිල් ජනාධිපතිවරුන්ට විදුලිය දෙන්නැයි ඉල්ලා මේ ගම්මානවල මිනිසුන් ලිපි ලියා ඇත. 

 


දැන්, ලයිට් කනු සිටවා, කම්බි, කේබල් ඇඳ විදුලිය මාර්ගයේ 85% ක් අවසන් කර ප්‍රගතිය වාර්තා කර පසුව කණු ටික ගලවාගෙන යන්නට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විදුලිබල මණ්ඩලයට නියෝග කර ඇත්තේ එවැනි අන්ත අසරණයින්ගේ වැඩසටහනකටය.

 


මේ ගම්මානයේ සිට උමාඔය විදුලි බලාගාරයට ඇත්තේ කි.මි. 5 කි. බහුතරය අන්ත දිළිඳු ගොවිතැනින් ජීවිතය ජයගන්නට උත්සහ දරන මිනිසුන්ය. සමන්ත උමා ඔය විනාශ කරන්නට කළ හැකි සෑම දේ ම කළේය. දැන් සමන්ත පසුගිය රජය ආරම්භ කළ විදුලි ව්‍යාපෘතියේ රු. කෝටි 9.5 ක වැඩ අවසන් කළ කොටස ගලවාගෙන යන්නට උපදෙස් දී ඇත.

 


එක පැත්තකින් විදුලිය නොමැති පවුල් 240 කි. අනෙක් පැත්තෙන් සමන්ත විද්‍යාරත්නගේ උද්දච්චකමය.


මේ විනාශ කරන්නේ මහජන මුදල්ය. වන සංරක්ෂණ, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පඹයන් සේ දේශපාලනඥයින්ගේ අතකොළු ලෙස නැටවෙමින් සිටී.''

 

 

අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපති විසින් යොමුකළ සම්පුර්ණ ලිපිය මතු දැක්වේ. 

 


2025 ජනවාරි 3
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා.
ජනාධිපති මන්දිරය
කොළඹ

උමාඔය ව්‍යාපෘතියේ කුඩා ඔය ජලාශයෙන් දියවර ලබන පළමු ගොවි ගම්මානය - "අන්නාසිගල " විනාශ කරන්නට බලහරුවේ ප්‍රාදේශීය දේශපාලඥයන් රොද බඳියි. සාධාරණය ඉටුකර දෙන්න.


බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික් වල විදුලිය නොලද ගම්මාන අතලොස්සෙන් එකක් වනුයේ එම දිස්ත්‍රික්ක දෙකටම මායිම් වන "අන්නාසිගල " ගම්මානයයි. එය අළුත්වෙල, උමාඔය ජලාශයෙන් දියවර ලැබීමට නියමිත පළමු ගොවි ගම්මානයයි.


දශක ගණනාවක් මුළුල්ලේ මේ ගම්මානයට විදුලිය, යටිතල පහසුකම් සපයා දෙන ලෙස ඉල්ලා තිබියදී පූර්වගාමී ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් දෙදෙනාගේ මැදිහත්වීමෙන් එම ගම්මානයට පැවැතී ගැටළු රාශියක් නිරාකරණය කරන ලද අතර රුපියල් මිලියන 90 කට වැඩි සංඛ්‍යාවක් වැය කරමින් විදුලි බල මණ්ඩලය විසින් සම්බන්ධතා 180 කට ආසන්න ප්‍රමාණයක් සහිතව තෙකලා විදුලි පහසුකම් ලබාදීමටද කටයුතු කරන ලදී.

 

ව්‍යාපෘතියේ වැඩ කටයුතු වලින් සියයට 85 කට වැඩි ප්‍රමාණයක් අවසන්ව ඇති මේ අවස්ථාවේ රජය විසින් වැයකළ මිලියන 900 සම්පුර්ණයෙන්ම විනාශ කරමින් නැවතත් මෙහි දුක් කරදර විඳින ගොවින් විපතේ හෙළමින් මෙම වටිනා ව්‍යාපෘතිය ඌව පළාතේ දේශපාලන අධිකාරියේ මැදිහත්වීමෙන් නතර කරන්නට වහාම නියෝග ලැබ තිබේ.

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ " ගම සමග පිළිසඳරක් ' ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානය සම්බන්ධයෙන් රජයේ විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලට අයත් රාජ්‍ය නිලධාරින් විසින් පූර්ණ අධ්‍යයනයක් සිදු කරන ලදී. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාලන සමයේ හෙක්ටෙයාර් 1,400ක ඉඩම් රක්ෂිතයෙන් නිරවුල් කර ගොවීන්ට බෙදා දෙණු පිණිස එහි පිඹුරු හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදෙන ලදී. ඒ ' රක්ෂිත වනාන්තර තුළ පිහිටි සංවර්ධිත ඉඩම් " යන පදනමෙහි පිහිටමිනි.

මෙම විදුලි ව්‍යාපෘතිය බලගැන්වූයේද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

තත්ත්වය මෙලෙස තිබියදී මෙම ගමට ආසන්නයේ ප්‍රාදේශීය දේශපාලන පිහිටා මෙම ව්‍යාපෘතිය නතර කර ඇත්තේ අඩු තරමේ පවත්නා සැබෑ තත් නිරීක්ෂණයක් හෝ නොමැතිවය. මෙය නිසැකයෙන්ම ළබැඳියාවන් අතර ග වන්නේය. රටක සාතිශය බහුතරයක් ජනතාව වත්මන් ආණ්ඩුවට මෙවන් ජා කටයුතු කරන පැරණි දේශපාලන කාඩර්වරුන් මුසාබස් ඇසුරේ පවත්වාගෙ පවා නතර කර දැමීමට නොවේ.

මේ රටට ඉතා ඵලදායී කෘෂි ආර්ථිකයක් සාක්ෂාත් කරණු පිණිස උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට ආසන්න මේ අවස්ථාවේදී ද මීට ඉහත දී උමාඔය ව්‍යාපෘතියට සිදු කළ ආකාරයෙන්ම මේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරින් උමා ඔය ජලාශයෙන් සරු වන සිය ගණනක් ගොවිබිම් අතරේ එම ව්‍යාපෘතියෙන් ජලය ලබන පලමු ගොවි ගම්මානය " අන්නාසිගල පාදක කර ගනිමින් තවත් විශාල ගැටළුවක් නිර්මාණය කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් නොපමාව අවධානය යොමු කර අන්නාසිගල කෘෂි ව්‍යවසායකයන්ට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

මෙම ව්‍යාපෘතිය නතර කිරීමට පාදක වූ චන්ද්‍රපාල කොඩිතුවක්කු යන අයගේ අසත්‍ය ප්‍රකාශ ඇතුළත් ලිපියේ පිටපතක්ද එහි සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සමන්ත විද්‍යාරත්න මහත්මාට අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපතිවරයා විසින් යවන ලද ලිපියේ පිටපතක්ද මේ සමග ඉදිරිපත් කරමි.

ලලාජිත් මානවඩු
සභාපති 
අන්නාසිගල ගොවි සංවිධානය

උපුටාගැනීම - Theleader