ශ්‍රී ලංකා ගුවන් හමුදාව රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව
පිළිකා රෝගයෙන් පෙළෙන ළමුන් සඳහා ප්‍රථම ළමා රුධිර හා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය රජයේ රෝහලක ස්ථාපිත කිරීමේ කටයුතු අවසන් කර ඇත.
එය රු. මිලියන 176 ක වියදමින් ඊයේ(02) විවෘත කෙරුණේ මහරගම අපේක්ෂා රෝහලේදීය.
මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, රුහුණු කතරගම බස්නායක නිලමේ, මහා දේවාලයේ ඩිෂාන් ගුණසේකර, රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
කතරගම දේවාල අරමුදලේ මුදල් යොදවා අපේක්ෂා රෝහලේ තෙමහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට 2023 වසරේ කළ යෝජනාවක් සමඟින් ව්‍යාපෘතිය ආරම්භ විය. 2024 දී නිම කරන ලද මහල් හතරකින් යුත් සංකීර්ණය ඉදි කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. ළමා වාට්ටු වල ඇති දැඩි ඉඩකඩ හිගයට පිළියම් සපයමින් ළමා රුධිර හා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය තුන්වන සහ සිව්වන මහලෙහි පිහිටා ඇත.
මේ පිළිබඳව එයාර් මාර්ෂල් රාජපක්ෂ පැවසුවේ අවශ්‍යතා ඇති ළමුන් සඳහා එහි අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා මෙම පහසුකම ඉදිරියටත් පවත්වාගෙන යාමට ගුවන් හමුදාව කැපවී සිටින බවයි.