SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති වීමට පෙර උතුරු පලාතට පැමිණ

ජනාධිපති වූ පසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පැවසූ පොරොන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරමේදී අත්සන් විරෝධතාවක් පසුගියදා පැවැත්විණි.

 

 

දේශපාලන සිරකරුවන් මුදාගැනීමේ උතුරු පලාත් සංවිධානය විසින් මන්නාරම බ බස්නැවතුම්පල  ඉදිරිපිටදී මෙම අත්සන් වැඩසටහන සංවිධානය  කොට තිබූණි.

 

 

වත්මන් ජනාධිපතිතුමන් විසින් ලබාදුන් පොරොන්දුව කඩවෙමින් පවතින බවටත් රජය පත්වී මේ වනතුරු කිසිදු බලධාරියෙකු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම උදෙසා කිසිදු උත්සහයක් නොගෙන සිටීම මගින් දේශපාලන සිරකරුවන්ගේ පවුල් දැඩි ලෙස අසරණ වී සිටින බවටද මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනේදී පෙන්වා  දී ඇත.

 

 

අත්සන් වැඩසටහන සඳහා මන්නරමේ සිවිල් සංවිධාන, විවිධ අගමික සංවිධාන, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සහය ලබාදුණි.

 

@වන්නි රොමේෂ් මධුෂංක