SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ

අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) ආරම්භ කෙරිනි.

 

 

පක්ෂ පාට භේදයකින් තොරව පුළුල් ජාතික වැඩසටහන ඔස්සේ ආකල්පමය, හැසිරීමේ සහ ගුණාත්මක වෙනසක් ඇති කර අලුත් වටිනාකමක් සහිත රටක්, ලස්සන ජීවිතයක් සමස්ත පුරවැසියන්ට උරුම කර දීමට මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.

 

 

ලංකා ඉතිහාසයේ බලයට පත්වූ සෑම රජයක්ම තම පාලනය ගෙන ගිය  නව වසරේ පළමුවෙනිදාට මෙවන් වැඩසටහන් හඳුන්වා දී තිබීම විශේෂත්වයකි. එහෙත් විශේෂයෙන්ම රාජ්‍ය සේවය මැදිහත් කරගෙන ඇරැඹි මෙවැනි ව්‍යාපෘති ලත් තැනම ‌ලොප් වෙන ස්වභාවයක් ලංකාවේ ආයතන පද්ධතිය තුළ පිහිටා ඇත. මෙම වැඩසටහන හෝ ඉන් එහා යන්නේ නම් එය ඉතා අගනේය.

 

 

කෙසේ වුවද ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව නව වසරේ රාජකාරි ආරම්භ කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් මඟින් ද පසුගියදා දැනුම් දී තිබිණි.