SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නව වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන

ප්‍රතිඥාව මෙවර වෙනස් වනු ඇති බව ත් එය රජය විසින් එදින අරඹනු ලබන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් වනු ඇති බව ත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය.

 

නිසි සනීපාරක්ෂාවක් සහිත වටපිටාවක් නිර්මාණය කිරීම, අල්ලස් දූෂණ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයෙන් තුරන් කිරීම, ඩිජිටල්කරණය කිරීම ඇතුළු නව්‍ය වැඩපිළිවෙල සහිත ‘Clean Sri Lanka’ සංකල්පය බහුවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බව ත් එම වැඩපිළිවෙල නිල වශයෙන් දියත් වීම ලබන ජනවාරි පළමු වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවන බවත් මෙම නිලධාරියා සඳහන් කළේය.

 

එහිදී ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීමේදී එය මෙවර ‘Clean Sri Lanka’ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ ප්‍රතිඥාවක් ද ඇතුළත් වන බව ඔහු සඳහන් කළේය.

 

මූලික අදියරේදී ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල ගැන දැනුවත් කිරීමේ සහ මෙය වඩාත් අර්ථාන්විත කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමක් සිදුවනු ඇති බව එම වැඩසටහන දිගුකාලීනව ක්‍රියාත්මක වනු ඇති බවද මෙම නිලධාරියා වැඩිදුරට ත් පැවසීය.

 

mawbima