SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අකුරැස්ස ප්‍රාදේශීය සම්බන්ධ කරන කමිටු රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් එම ස්ථානයෙන්

ඉවත් කිරීමට එම කමිටු සභාපති ඇමති සුනිල් හඳුන්නෙත්ති ගේ මාධ්‍ය ඒකකය පසුගියදා කටයුතු කර තිබිනි.

 

 

ඔහු ඒ පිළිබඳව කියා තිබුණේ  තම අදහස් පල කිරීමට කැමරාව බාධාවක් බවයි.

 

 

එය පැහැදිලි සත්‍යයකි.

 

ජනමාධ්‍ය වෙනදාටත් වඩා ආණ්ඩුවේ පරිපාලන කටයුතු වලට කරදරකාරී ලෙස හැසිරෙන බවත් හෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම පරිපාලන කටයුතු වලට බාධා වන ලෙස මාධ්‍ය වාර්තා ගෙන එන බවත් නොරහසකි.

 

පාලන බලය අභ්‍යාස කිරීම යන කාරණයේදී ආධුනිකභාවයකින් යුත් මෙම ආණ්ඩුවට ඒ පිළිබඳ අධ්‍යයනකින් යුතුව තම කටයුතු කරගෙන යෑමට එය බලවත් බාධාවකි.

 

සමහර ජනමාධ්‍යත් මෙය වටහා ගනිමින් ක්‍රියාකිරීමට සූදානම් නැති අතර දිගින් දිගටම බාධා එල්ල කරමින් සිටින්නේ තම මාධ්‍ය ආයතනය පවත්වාගෙන යන ප්‍රාග්ධන හිමියාගේ උවමනාවන්ට යටත් වෙමිනි.

 

මේ අතර කොළඹ පැවති වැඩසටහනට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා  කියා සිටින්නේ  ඇතැම් රාජ්‍ය සේවකයන් පැරණි දූෂිත ක්‍රමයවේදය තුළම කටයුතු කරන බැවින් ඔවුන් සමග අරගල කිරීමට ද මේ වනවිට මාලිමා ආණ්ඩුවට සිදුව ඇති බවය.

 

ආණ්ඩුවට පැමිණීමට පෙර තමන්ට තිබුණේ පාරේ සටනක් වුවද දැන් පවතින්නේ රාජ්‍ය නිලධාරීන් සමග සටනක් බවත්, රාජ්‍ය සේවයේ ඇතැම් පිරිස් පරණ දූෂිත ක්‍රමයටම වැඩ කරමින් සිටින බවත් ඔහු  කියයි.

 

 

ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවයේ ඉහළ නිළධාරීන් මේ රජයට විරුද්ධ වන්නේ ඇයි?

 

 

මේ පිළිබඳව දේශපාලන විචාරකයින් පවසන්නේ ඒ වරප්‍රසාධ නැතිවීමත්, අමතර ආදායම් නැතිවීමත් නිසා බවය.

 

විශේෂයෙන්ම රජයේ සේවකයින් වැඩකිරීමේදී පුරුදු වී ඇත්තේ පොදු ජනතාවගෙන් එන ප්‍රශ්නවලින් ආන්ඩුව ආරක්ෂා කිරීමටය.

 

උදාහරණයක් වශයෙන් කව්රුන් හෝ පොදු නීතියක් නියාමනයක් කඩවීමක් හෝ කඩකිරීමක් සම්බන්ධයෙන් පෙත්සමක් ගහමින් ඒ බව දැනුම්වත් කළහොත් එය හරියාකාරව විමර්ශනය කිරීමට  අදාළ රජයේ නිළධාරීන් කටයුතු නොකරන්නේය. එයට හේතුව එසේ සිදුකළහොත් පවතින දේශපාලනයට එය අහිතරක බැවින්ය. ඔවුන් අදාළ දේශපාලකයින් දැනුවත් කර ඔහුගේ විශ්වාසය දිනා ගනිමින් එකී චෝදනාව යටපත් කර දමති.

 

රජයේ නිළධාරියාට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ එවිටය. එනිසා මේවා වෙනස් වෙනවාට සමහර  නිළධාරීන් අකමැතිය.

 

කෙසේ වුවද හඳුන්නෙත්ති අමාත්‍යවරයා සෘජුවම නිළධාරීන්ගේ වරද පවසමින් කියා සිටි‌න්නේ රාජ්‍ය නිළධාරීන් මෙසේ වැඩකිරීම නිසා  ජනතාවට සහනදීම, ජනතාවගේ අයිතිවාසිකම් රැකීම ආදියට බාධා වෙමින් ඇති බව ය.

 

පරණ පුරුදු විදිහට වැඩ කිරීම අතහරින්න බැරි එම නිලධාරින් නව ආණ්ඩුවේ ජනවරම තේරුම් ගෙන නැති බව ඔහු පවසයි.

 

‘දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න අපට අද අපිට මුදල් අමාත්‍යාංශය එක රණ්ඩු කරන්න වෙලා තියෙනවා. බදු ප්‍රතිපත්ති ගැන රණ්ඩු කරන්න වෙලා තියෙනවා’

 

 

@සමාරා පරණවිතාන