පසුගිය බ්‍රහස්පතින්දා මෙල්බර්න්හිදී ආරම්භ වූ 4 වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අතරතුර
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස්ගේ උරහිසට පහරදීම සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට ICCය දඩුවම් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කෝලිට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කර ඇති අතර ඔහුගේ විනය වාර්තාවට එක් අඩුපාඩු ලකුණකුත් එකතු කර ඇති බව Cricbuzz හි වාර්තාවක දැක්වේ.