ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං ඊයේ (26) පස්වරුවේ
අභාවප්‍රාප්ත වූ බව බන්දියා ටුඩේ වාර්තා කරයි.
1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඔහු මිය යන විට වයස අවුරුදු 92ක් විය.
ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇති අතර ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස ඉන්දීය ආර්ථිකය ලිබරල්කරණය කිරීමට කටයුතු කළ අයෙකු ලෙස පැවසේ.
මේ නිසා ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස සැලකෙයි.
පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මන්මෝහන් සිං අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීය.
සිය අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඔහු ඉන්දීය සිවිල් සේවයට එක්වී තිබුණි.
ඔහු එරට මහබැංකු අධිපති ලෙසද කටයුතු කර ඇත.
1991 වසරේදී ඉන්දීය ආර්ථිකය කඩාගෙන වැටුණු අතර එය ගොඩනැගීමේ වගකීම පැවරුණේ මන්මෝහන් ටය.
ඒ අනුව එරට මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ ඔහු ඉන්දීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කළේය.
අද ලෝක ආර්ථිකයේ දැවැන්තයෙක්වන ඉන්දියාව ට ඒ සඳහා මග පෙන්වූවේ ඔහු බව බොහෝ දෙනා ගේ අදහසය.
මන්මෝහන් සිං, 2004 වසරේ සිට 2014 දක්වා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඊට පෙර ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණි.
ඔහු 2004 වසරේදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වී තිබුණේ, සෝනියා ගාන්ධි එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කතා කිරීමේදී, ඔහු පාකිස්තානය සමග සාම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය දේශපාලනඥයෙකු ලෙස සැලකේ. මෙම ක්‍රියාවලියට පාකිස්තාන සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් බාධා ඇති වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ , 2008 නොවැම්බරයේ මුම්බායි ප්‍රහාරයයි.
වසර 40කට වැඩි කාලයක් වසා දමා තිබූ නාතු ලා ප්‍රවේශ මර්ගය ටිබෙටය වෙත යළි විවෘත කිරීමේ ගිවිසුමකට මැදිහත් වෙමින් චීනය සමග ඇතිවූ දේශසීමා ආරවුල අවසන් කිරීමට ද ඔහු උත්සාහ කළේය.
මන්මෝහන් සිං ඇෆ්ගනිස්ථානයට මූල්‍ය ආධාර වැඩි කළ අතර ඉන්දීය නායකයෙකු ලෙස ඔහු එරට සිදුකළ සංචාරය බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනා ගත්තේය.
මන්මෝහන් සිං සාක් සමුළුවට සහභාගී වීම සඳහා 2008 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
මන්මෝහන් සිං බ්‍රහස්පතින්දා සවස රෝගාතුරව නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයට ඇතුළත් කර අතර එහි ප්‍රතිකාර ලබමින් සිට ඇත.