මේ දිනවල එක්තරා පෝස්ටුවක් සමාජ මාධ්‍ය තුළ වයිරල් වෙමින් ඇත.
ඒ තැන්පතු මුදල් මත උපයන ආදායම සම්බන්ධයෙනි.
සමාජ මාධ්‍යයේ ඇවිලෙන පෝස්ටුවක්
තැන්පතු මත රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති නමුත් අඩු ආදායම්ලාභීන් සඳහා නිදහස් කිරීම් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
මසකට රුපියල් 150,000ට වඩා අඩු මුදලක් උපයන තැන්පත්කරුවන්ට නිදහස් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මඟපෙන්වීමක් ලබා ගත හැකි බවද ඔහු පැවසීය.
ඒ අනුව සියයට 10 ට අඩු ආදායම් බදු සීමාවක් ඇති අනෙක් අයට අමතර බදු ආපසු ලබා ගත හැකි ය.
මහජනතාවට උපදෙස් දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් පිහිටුවන බව ද ජනාධිපතිවරයා පවසයි.
එම වෙනස්කම්වල අභිප්‍රාය වූයේ ජනතාවගෙන් අමතර බදු ලබාගැනීම නොව බදු දැල පුළුල් කිරීම බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.
@economynext.com