ලංකාවේ ක්‍රියාත්මක වන පාලනයට අසීරු තවත් මාෆියාවක් වන්නේ පෞද්ගලික රෝහල් ක්‍රමයයි.
රජයේ රෝහල්වලට යෑම හෝ නිසි වෙලාවට ශල්‍යකර්මයකට බඳුන් වීමට රජයේ රෝහල්වල පවතින තම බදයන් හේතුවෙන් මෙන්ම තම කාර්යයන් සමග රස්තියාදුවකින් තොරව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය රෝගීන් ලෞද්ගලික රෝහල්වල පිහිට පතති.
එහෙත් එහි නිසි නියාමනයක් නොමැති බැවින් රෝගීව අසහනයට පත් ජනතාව තව තවත් ආතතියට පත්කරන මිළ අධික මෙන්ම නිසි විශේෂඥභාවය සම්බන්ධ ගැටළු සහගත තැන්ද හෙළි දරව් වී තිබුණි.
ඒ අනුව පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පෞද්ගලික රෝහල් හිමිකරුවන් වැනි අදාළ පාර්ශ්ව සමඟ රජය සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ සතිපතා පැවති මාධ්‍ය හමුවේදී ඔහු ඊයේ කියා සිටියේය.
පෞද්ගලික රෝහල් නියාමනය සම්බන්ධයෙන් ඇතැම් ගැසට් නිවේදන නිකුත් කර ඇති බවත් ඇතැම් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවත් අමාත්‍යවරයා පවසා සිටියි.
එසේම පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජයට බලය ඇති බවත්, පෞද්ගලික රෝහල් පමණක් නොව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ද නියාමනය කිරීමට රජය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.