SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනයේ දී ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගැනීමේදී

නව රජය පසුගිය රජයේ ආදර්ශය අනුගමනය කිරීමට ඉඩක් නොමැති බව ආණඩුවේ දේශපාලන ආරංචි මාර්ග ඊයේ ප්‍රකාශ කළේය.

 

 

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාව සිය කිරි නිෂ්පාදනය ස්වයංපෝෂිත කරමින්  ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන Amul වෙතින් සහය ඉල්ලා සිටියේය.

 

ඒ වන විට ශ්‍රී ලංකාවේ රජයට අයත් කිරි සමාගමක් වන මිල්කෝ සහ කිරි ගොවිපළවල් ශ්‍රී ලංකා - ඉන්දියා හවුල් ව්‍යාපාරයකින් (JV) ඉන්දියාවේ අමුල් කිරි සමාගමට පවරා ගැනීමට නියමිත බවද එහිදී වාර්තා පළ විය. අමුල් ඉන්දියාවේ ගුජරාටයේ ආනන්ද් හි පිහිටි ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (GCMMF) හිමිකාරිත්වය යටතේ පවතින්නකි. එය එරට කිරි නිෂ්පාදකයින් මිලියන 3.6 ක් විසින් පාලනය කරනු ලබන්නකි.

 

පසුගිය රජය මේ සම්බන්ධයෙන් මූලික ගිවිසුමක් අත්සන් කර තිබුණි. එවකට විපක්ෂයේ සිටි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයට (NPP) අනුබද්ධ වෘත්තීය සමිති ඊට බලවත් විරෝධය පළ කළේය.

 

ඒ අනුව වත්මන් එන්පීපී රජය පසුගිය රජයේ සැලැස්ම සමඟ ඉදිරියට යන්නේ නැතැයි පැවසේ.

 

එහෙත් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය සංචාරයේදී කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වයේ නායකයින් සාකච්ඡා කර තිබිණි.

 

ස්වයංපෝෂිතභාවය සහ පෝෂණ සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා, පවතින සහයෝගීතාවය නායකයින් දෙපළ අගය කළ බව සංචාරයෙන් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

 

කෙසේ වෙතත් පසුගිය රජය සමඟ ඇතිකරගත් අවබෝධතා අනුව අමුල් සමාගම සම්බන්ධ කර ගැනීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් එහිදී  සිදුව නැති බවත් රාජ්‍ය වත්කම් සම්පූර්ණයෙන්ම විකිණීමට නව රජය විරුද්ධ බවත්  ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි.

 

 

නවතම ලිපි