SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බැවින් සත්‍ය දෙයක් අසත්‍යයක් හෝ අසත්‍ය දෙයක් සත්‍යයක් ලෙස

අන් අයට ඒත්තු ගැන්වීමට ජනතාවට අයිතියක් ඇතැයි ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ බොරුව සත්‍ය ලෙස පිළිගැනීමට සමාජය පෙළැඹවීම වරදක්  බවය.

 

 

පසුගිය සතියේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කොට්ටහච්චි කියා සිටියේ රජය කරන යහපත් දේවල අයහපත් පැත්ත දැකීමට ජනතාවටද අයිතියක් ඇති බවත් එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට රජය කිසිවිටකත් බාධා නොකරන බවත්ය.

 

"ඕනෑම සත්‍යයක් බොරුවක් ලෙසත් ඕනෑම බොරුවක් සත්‍යයක් ලෙසත් ඒත්තු ගැන්වීමේ සම්පූර්ණ අයිතිය ඔබට ඇත. එය ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. රජය යහපත් දෙයක් කරන විට එහි අයහපත් පැත්ත දැකීමට ඔබට අයිතියක් ඇත. එසේම නායකයෙක්, රජයක්, ආයතනයක් හෝ පුද්ගලයෙක් සමාජයට හානිකර දෙයක් කරන විට ප්‍රශංසා කිරීමට ද ඔබට අයිතියක් ඇත.,"

ඇය පැවසුවාය.

 

ඇයගේ මතභේදාත්මක ප්‍රකාශය  සමාජ මාධ්‍යවල විවේචනයට තුඩු දුන් අතර, මෙය NPP රජයේ ස්ථාවරය පිළිබිඹු කරන්නේ දැයි බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියේය.

 

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේ මිනිසුන්ට තම විශ්වාසයන් දැරීමට නිදහස තිබෙන අතරම, යමක් සත්‍ය හෝ අසත්‍යදැයි ජනතාව දැනුවත් කිරීමේ වගකීම රජයට ඇති බවයි. 

 

"බොරුව සත්‍යයක් ලෙස පිළිගන්නා ලෙස සමාජයට පැවසීම වැරදියි. එවැනි වැරදි තොරතුරු නිවැරදි කිරීමේ වගකීම රජය ලෙස අපට තිබෙනවා. මිනිසුන්ට ඔවුන්ගේ අදහස් දැරීමේ අයිතිය තිබෙනවා සේම සමාජය නොමග නොයන ලෙස රජය වග බලා ගත යුතුයි,"

ඔහු පැවසීය. 

 

"ඕනෑම කෙනෙකුට බොරුවක් සත්‍යය ලෙස විශ්වාස කළ හැකි වුවද, එය විශ්වීය වශයෙන් පිළිගනු ලැබුවහොත් මිස එය සත්‍ය නොවේ. සත්‍යය සහ අසත්‍යය රඳා පවතින්නේ අනෙක් අය එයට ප්‍රතිචාර දක්වන ආකාරය මත,"  

යැයි ඔහු පැවසීය.

නවතම ලිපි