තමා කිසිදු අවස්ථාවක ඉල්ලීමක් කර ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන
නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට 2019 දී හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවේදී එවක ජනාධිපතිවරයා තමන්ව බැලීමට පැමිණි බවත්, එලෙස පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් නිලධාරීන් අමතා අදාළ රෝහලෙහි බිල්පත ගෙවීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවය.
එලෙස ලබාගත් ලක්ෂ 5 ක මුදල අද වන විට ගැටලුවක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.