NPP ය බලයට පත්වෙද්දි වත්මන් ජනාධිපතිවරයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ගැන දක්වල තිබුණෙ විශේෂ අවදානයක් ලු.
මේ රටේ මිනිස්සුන්ගේ යහපැවැත්ම, ප්‍රගමනය සඳහා සාමාජීය, පාරිසරික, ආචාරධාර්මික පිබිදීමක් තමයිලු ඒකෙ ඉලක්කය.
අද අපේ ගොසිප් තීරය ක්ලීන් ශ්‍රී ලංකා ගැන කතාකරන්න හැදුවෙ විශේෂ කාරණයක් හින්ඳ.
ඔන්න ඉතිං මේ වැඩසටහන සැළසුම් කරල ක්‍රියාත්මක කරන්න ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරල ඒකෙ ගැසට් නිවේදනය ඊයේ නිකුත්කරල තිබුණනේ.
මේකෙ දෙතුන් දෙනෙක් ගැන වේලාසනින්ම කියල නොතිබුනොත් වැඩේ කෙරෙද්දි ඔන්න නොකිව්ව කියලනම් දොස් කියන්න එපා කියල අපි මුලින්ම කියනවා.
දන්නවනේ අපි කියන්නෙ ගොසිප් තමයි.
හැබැයි ඒවා පිරිසිදු ගොසිප් හොඳේ.
අනික් කාරණය තමයි සමහරු කියනවා එන්පීපී රජය කාගෙවත් දේශපාලන පැටිකිරිය හොයන්නෙ නැහැ කියලත්.
ඒකට හේතුව පත්කළ අයගෙන් කිහිප දෙනෙක්ම එජාප සහ රාජපක්ෂවාදී හිතවතුන්ලු.
ගොඩක් අය ගැන දන්නවනේ ඔය ක්‍රිශාන්ලා, සූරියාරච්චිලා කියන්නෙ කොම්ප්‍රදෝරු යූඇන්පීයයන්.
ඇත්තටම මේක අනෙක් දේශපාලන පක්ෂවලටත් ආදර්ශයකට ගන්න ඔින අවස්ථාවක් කියලයි සමහරු නම් කියන්නේ.
මේ කතාව යද්දි ජවිපෙට සම්බන්ධ මිත්‍රයෙක් මේ ගැන විශේෂයෙන්ම කිව්වෙ මේ පත්කල එජාපයයන් උග්‍ර ලෙස ජවිපෙට විරුද්ධ අයලු.
ෆොන්සේකාගේ ඡන්ද සටනෙදි ක්‍රිෂාන් කියල තිබුනෙ “අපිට ඡන්දෙ දිනන්න පුළුවන් මේ ජෙප්පො නැත්නම්” කියලලු. අපි නම් මේව දන්නෙ නැහැ අපි ඒ ඡන්ද සටනෙ හිටියෙ නෑනේ. හැබැයි හිටපු අය තමයිලු මේව තැන තැන කියන්නෙ.
අපිට ලැබුනු තවත් ආරංචියක් තමයි ඒකට පත්වෙච්ච ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ වැඩ්ඩියක් ඉන්නවලු. එයා කොච්චර ක්ලීන්ද කියනවනම් ජේවීපීය හඳුන්වන්නේ ‘වැද්දො’ කියලලු.
මෙයාව ෆීල්ඩ් එකේ හඳුන්වන්නෙ five K කියලලු.
“මම නං ආසම නෑ අනේ ජේවීපී අයට, බලන්නකො වැද්දො වගේනෙ අනේ..දකිනකොටත් හිරිකිතයි.. බලන්න අරයගෙ කොට..ඊයා ”
මේ වගේම එන්පීපී රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ක්ලීන් කරල ගන්න නම් වැද්දො කියන්නෙ ක්ලීන් කරන්න තියෙන කොටසක් කියන මතයම අවුලක් නේද කියලයි මේ කතාබහ වෙච්ච තැන සමහරු නම් කියනව ඇහුනෙ.
ඒ හින්ඳ මොන ටැග් ලයින් ගැහුවත් ක්ලීන් කියන්නෙ මොකක්ද නොදැන ක්ලීන් කරන්න ගියොත් තවත් වැඩේ හැඩි වෙන්න පුළුවන් කියලයි සමහරු නම් කතාවෙන්නෙ.
ඔිව ඉතිං අලුත් ආණ්ඩුව හුගක් තැන්වල අවුල් කරගෙන කියලත් සමහරු කතාවෙනවලු.
එන්පීපී ආන්ඩුව මේ ළඟදි එක්තරා තොරතුරු තාක්ෂන ආයතනයකට පත්කරල තිබුන ඩේටා ආරක්ෂා කරන නිළධාරියත් එයාගේ පුද්ගලික වීඩියෝවක් ලීක් කරගෙන තිබුන කියල ඔින්න පොඩි ෂොට් එකක් දාගෙන හිටපු මධ්‍යස්ත සගයෙක් කියන්න ගත්තෙ හක හක ගාල හිනා වෙමින්.
ඒකටත් වඩා ඒකෙ ගන්න තියෙන දේ තමයිලු තමන්ගෙ අනියම් සම්බන්ධකම් තිබුණත් ඒව වීඩියෝ කරන්නෙ එක්කො පහුකාලෙක ගෑනුන්ව බ්ලැක්මේල් කරන්න හෝ මේව මිතුරන්ට පෙන්වල පොරක් වෙන්න වගේ හිරිකිත වැඩවලට කියලයි මේ සෙට් එක කතාවුනේලු.
ඒක නෙවෙයි වැඩේ.. මේ ලීක් කරගන්න අයලු ලංකාවේ ඩේටා සෙකියුරිටිල වෙලා රටේ ඩේටා ආරක්ෂා කොරන්නේ.
අනේද කියන්නෙ.
වෙලාවකට ගොසිප් වලින් ඇත්ත වැඩිපුර කියවෙද්දි හරිම අප්සට් අනේ නේද?
හැබැයි මේ කිසි දෙයක් ගනං නොගෙන එන්පීපී ආණ්ඩුව මේ අයව පත්කරල අනෙක් පක්ෂවලට දෙන්නෙ හොඳ ආදර්සයක්ලු.
ආයෙත් මේ පත්කරපු සෙට් එකෙ ක්ලීන් වැඩ ගැන තොරතුරු අරන් එන්නම්කො.
එතෙක් එහෙනම් අපි ක්ලීන් වෙමු!
ක්ලීන් ශ්‍රී ලංකා.
#Gossip