සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 ජනවාරි මස 10 දක්වා
දීර්ඝ කිරීමට රජය තීරණය කර වාර්තා වේ.
ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගැනීමට නියමිතය.
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලසිමාව අවශ්‍යතාව මත දීර්ඝ කිරීමට පියවර ගන්නා බවය.
ඒ අනුව සහල් ආනයනය දීර්ඝකීරීම සඳහා වූ ගැසට් නිවේදනය ලබන 24වනදා ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන්ය.
රජය විසින් සහල් අනායනයට ලබාදි තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වේ.
මේ අතර යම් හෙයකින් සහල් ආනයනයට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමක් සිදු නොකළහොත් අද මධ්‍යම රාත්‍රි 12න් පසු මෙරටට ආනයනය කරනු ලබන සහල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සිවලි අරුක්ගොඩ පවසයි.
රජය විසින් පසුගිය 4වනදා සිට සහල් ආනයනයට අවසර ලබාදිමෙන් පසු ඊයේ පස්වරුව වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 35,600ක් ආනයනය කර තිබුණි.
එම සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයන් නාඩු සහල් බවත්, තවත් මෙට්‍රික් ටොන් 16,000ක් කැකුළු සහල් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කරන ලද සහල් මෙට්ට්‍රික් ටොන් 52,000ක තොගයක් වරායට පැමිණීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා සතොස වෙත ඇනවුම් කරන ලද සහල් මේට්‍රික් ටොන් 10,400ක ප්‍රමාණයක් මේ වනවිටත් වෙළෙඳපොළට මුදාහැර ඇති බව එමි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු පවසා ඇත.