SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනාගත චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක උණුසුම් ලෙස පිළිගැනීමට සූදානම්

වන බව චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපති Qin Boyong පවසයි.

 

 

ඊයේ (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති හමුවකදී ඇය මේ බව පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ චීන රජය ලබාදුන් සහය පිළිබඳව එහිදී  ජනාධිපතිවරයා  සිය කෘතඥතාව පළ කර ඇත. 

 

එමෙන්ම  ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය ලබාදුන් සහය සහ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් තම ප්‍රශංසාව හිමිවන බව ඔහු ප්‍රකාශ කරයි.

 

ජනාධිපති දිසානායක මේ අදහස් පළ කළේ චීන මහජන දේශපාලන උපදේශක සමුළුවේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි Qin Boyong සමඟ ඊයේ (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවේදීය.

 

දෙරට අතර දීර්ඝ කාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව උපසභාපතිනී  Qin Boyong සඳහන් කළාය.

 

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයන්වලදී චීනය ලබාදුන් සහය සහ දරුවන්ට පාසල් නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා  සිය කෘතඥතාව පළ කළේය.

 

අනාගතයේදී චීනයේ සහාය අඛණ්ඩව අවශ්‍ය බව ඔහු එහිදී අවධාරණය කළේය.

 

මධ්‍යම අධිවේගී මාර්ගයේ නිම නොකළ කොටස් චීන කළමනාකරණය යටතේ නිම කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා  කොළඹ වරාය නගරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සැපයුම් මධ්‍යස්ථාන සහ ආයතනික ව්‍යාපෘති ආරම්භ කිරීම කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

 

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමත් සමඟ විවිධ හේතූන් මත තාවකාලිකව නවතා තිබූ සමුද්‍ර පර්යේෂණ කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව Qin Boyong එහිදී  ප්‍රකාශ කළාය.

 

තවද, ශ්‍රී ලංකාවට වඩා හොඳ ගෝලීය ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින් චීන සමාගම් හම්බන්තොට ආයෝජන කලාපය තුළ ස්ථාපිත කිරීමට අදහස් කරන බවත්  ඇය සඳහන් කර ඇත.

 

 

නවතම ලිපි