SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාණ්ඩ තුනකින් වාහන වෙළෙඳපොළ යළි විවෘත කිරීම සඳහා සැලසුම් කර ඇතැයි

ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

 

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

 

ඒ අනුව, 2025 වසරේ පෙබරවාරි මස 1 වන දා සිට සිට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව ඔහු එහිදී පැවසීය.

 

"භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෝටර් රථ, ඒ වගේ ම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ අපි විවෘත කරන්න සැලසුම් කරලා තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය 2025 පෙබරවාරි මාසයේ පළවෙනි දින සිට යෝජනාවට අපි ඇතුළු කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න,"

ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

 

ඊට අමතරව, මගී ප්‍රවාහන බස් රථ හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කෙරෙන ආනයනය මෝටර් රථ මෙම වසරේ දෙසැම්බර් මස 14 වන දා සිට විවෘත කර ඇති බව ද ජනාධිපවරයා එහිදී පැවසීය.

 

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ,

"දීර්ඝ කාලයක් මේ වාහන වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ,"

යනුවෙනි.

 

ඒ අනුව, මෙම තීරණයට එළඹි බව ඔහු එහිදී පැවසීය.

 

 

යළිත් 'ඩොලර් අර්බුදයක්' ඇති වේවි ද?

 

වාහන ආනයනය හරහා ඩොලර් අර්බුදයක් ඇති වනු ඇතැයි කිසිවෙකු හෝ සැකයක් තබා ගත යුතු නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

 

"මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය සඳහා පිට මංව යන ඩොලර් ප්‍රමාණය අපි කොපමණ ප්‍රමාණයක් ද කියලා යම් ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. එය කොච්චර ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවා ද කියලා අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා,"

ඔහු පෙන්වා දුන්නේ ය.

 

රටේ ආර්ථිකය යළි උද්දීපනය කිරීම සඳහා වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

 

'සාධාරණ මිලකට අලුත් වාහනයක් මිල දී ගැනීමේ හැකියාව උදා වේවි'

 

වාහන ආනයනය ආරම්භ කිරීමත් සමග සාධාරණ මිලකට අලුත් වාහනය මිල දී ගැනීමේ හැකියාව ජනතාවට උදාවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පවසයි.

 

පෞද්ගලික වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අද (දෙසැ. 17) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය පිළිබඳව බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

 

නිෂ්පාදිත වර්ෂයේ සිට අවුරුදු 7ක් දක්වා මෝටර් රථ ආනයනය කිරීමට ජනාධිපතිවරයා අවසර දෙනු ඇතැයි ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 BBC

නවතම ලිපි