තත්‍ය කාලීන වායු තත්ත්ව දර්ශකයට (AQI) අනුව කොළඹ නගරයේ ස්ථාන 6ක්
අධික ලෙස දූෂිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පහත සඳහන් ස්ථාන අසල වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස සෞඛ්‍යයට අහිතකර වන අතර, ඉන් ප්‍රවේශම් වීමට උපදෙස් දීමට බලධාරීන් කටයුතු කළ යුතුය.
* Drivegreen – The Overseas School 2
* Drivegreen – The Overseas School 1
* කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය
* Laughs Eco Sri HO
* OSC Sensor 2 (Gym)
* RG Senanayake Mawatha
මේ අතර, පළමු ස්ථානය ආසන්නයේ වාතයේ ගුණාත්මකභාවය සාමාන්‍ය ජනතාවට සෞඛ්‍යයට අහිතකර ලෙස වර්ගීකරණය කර ඇති අතර ඉතිරි ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය සංවේදී කණ්ඩායම් සඳහා විශේෂයෙන් සෞඛ්‍යයට අහිතකර වේ.
මේ අතර, කොළඹින් පිටත ප්‍රදේශ කිහිපයක ද වාතයේ ගුණාත්මක භාවය පිරිහෙමින් පවතී.
පුත්තලම, හලාවත, මීගමුව, මාතලේ, දඹුල්ල සහ ගාල්ල යන ප්‍රදේශ වල සැලකිය යුතු ලෙස සෞඛ්‍යයට අහිතකර වායු තත්ත්ව මට්ටමක් පවතින බව වාර්තා වේ.
Dailymirror